අකුරේගොඩදී නීතිඥයා සහ බිරිඳ ඝාතනය ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නිවේදනයක්

Report

ශ්‍රී ලංකා නීතිඥ සංගමය තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිටදී නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳව අද (13) පස්වරුවේ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිකුත් කර තිබේ.

මෙම ඛේදජනක සිදුවීම ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL)දැඩි ලෙස හෙළාදකින බවය සඳහන් කරයි. මෙවැනි ප්‍රහාර නීතියේ ආධිපත්‍යයට බරපතළ තර්ජනයක් බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.

සුරාබදු දෙපාර්තමේන්තුව නව්‍යකරණයට වෘත්තීය සමිති සහය

සුරාබදු දෙපාර්තමේන්තුව නව්‍යකරණයට වෘත්තීය සමිති සහය

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගැඹුරු සහ කඩිනම් පරීක්ෂණයක් පවත්වා අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසත්, ඔවුන් නීතිය හමුවට පමුණුවන ලෙසත් නීතිඥ සංගමය පොලිසියෙන් ඉල්ලා සිටී.

අනාගතයේදී එවැනි සිදුවීම් ඇතිවීම වැළැක්වීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් විසින් ස්ථිර පියවර ගත යුතු බවද නීතිඥ සංගමය තවදුරටත් ප්‍රකාශ කරයි.

අහංගම මුහුදු වෙරළේ උණුසුම් තත්ත්වයක් - පොලීසිය සහ විශේෂ කාර්ය බළකායත් එයි

අහංගම මුහුදු වෙරළේ උණුසුම් තත්ත්වයක් - පොලීසිය සහ විශේෂ කාර්ය බළකායත් එයි