සුරාබදු දෙපාර්තමේන්තුව නව්‍යකරණයට වෘත්තීය සමිති සහය

Report

සුරාබදු දෙපාර්තමේන්තුවේ බදු ආදායම වැඩිදියුණු කිරීම සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා මෙහෙයුම් කමිටුවේ රැස්වීමක් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් අද (13) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා ඇත.

එම අවස්ථාවේදී සුරාබදු දෙපාර්තමේන්තුවේ කටයුතු වඩාත් විනිවිදභාවයෙන් සහ කාර්යක්ෂමව පවත්වාගෙන යාම වෙනුවෙන් වසර දෙකක් ඇතුළත අවසන් කිරීමට යෝජිත සුරාබදු ආදායම් කළමනාකරණ පද්ධතියෙහි (RASED) ප්‍රගතිය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා විය.

අහංගම මුහුදු වෙරළේ උණුසුම් තත්ත්වයක් - පොලීසිය සහ විශේෂ කාර්ය බළකායත් එයි

අහංගම මුහුදු වෙරළේ උණුසුම් තත්ත්වයක් - පොලීසිය සහ විශේෂ කාර්ය බළකායත් එයි

නව රජයේ, රාජ්‍ය ආයතන නවීකරණ වැඩපිළිවෙළ යටතේ සුරාබදු දෙපාර්තමේන්තුවේ නව්‍යකරණ සහ ප්‍රතිසංස්කරණ සඳහා ඉහළ සහයෝගයක් අපේක්ෂා කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

ඒ සඳහා සිය පූර්ණ සහාය ලබා දෙන බවට සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නියෝජිතයන් සහ සියලුම නිලධාරීන්ගේ එකඟතාව පළ කර ඇත.

කට්ටියක් එල්ලුම් ගස් යද්දි අරගලයේ හිටපු සමහරු වාහන,ගෙවල් අරන් රටත් ගිහින් එහෙම බෑනේ - අරගලයට මුදල් ආපු හැටි අවුස්සන්න යන නාමල්

කට්ටියක් එල්ලුම් ගස් යද්දි අරගලයේ හිටපු සමහරු වාහන,ගෙවල් අරන් රටත් ගිහින් එහෙම බෑනේ - අරගලයට මුදල් ආපු හැටි අවුස්සන්න යන නාමල්

එමෙන්ම සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය 2025 වසරේ අත්පත් කරගත් මූල්‍ය කාර්යසාධනය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සහ ජනාධිපති ලේකම්වරයාගේ ඇගයීමට ලක්වූ අතර, මේ වසරේ තවදුරටත් ඉහළ මූල්‍ය ප්‍රගතියක් අත්පත් කර දීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවට සුරාබදු නිලධාරීහු සහතික විය.