ලෝකවාසී සියලුම දෙනා මවිතයට පත් කරමින් ජීවත් වීමට සුදුසු සුපිරි ග්‍රහලෝකයක් සොයාගනියි

Report

පිටසක්වල ජීවීන් සෙවීමේ අභ්‍යවකාශ ගවේෂණ කටයුතුවල නිරත තාරකා විද්‍යාඥයින් පිරිසක් විසින් ජීවය පැවතීමට අතිශයින්ම හිතකර පරිසරයක් සහිත තවත් සුවිශේෂී බාහිර ග්‍රහලෝකයක් විශ්වයෙන් සොයාගෙන තිබේ.

පෘථිවියේ "සමීපතම අසල්වැසියා" ලෙස දැනටමත් හඳුන්වා දී ඇති මෙම ආගන්තුක ලෝකය විද්‍යාත්මකව නම් කර ඇත්තේ 'GJ 3378b' යනුවෙනි.

ජීවීන්ට වාසය කළ හැකි සුදුසු පරිසරයක් සහිත ග්‍රහලෝක සෙවීමේ ඓතිහාසික ගමනේදී හමු වූ වඩාත්ම බලාපොරොත්තු සහගත සහ තීරණාත්මක සොයාගැනීමක් ලෙස මෙය මේ වන විට විශ්ව විද්‍යාඥයන්ගේ දැඩි අවධානයට හා පර්යේෂණයට ලක්ව ඇත.

අප ජීවත් වන පෘථිවියේ ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වඩා වැඩි විශාලත්වයකින් යුත් මෙම ග්‍රහලෝකය තාරකා විද්‍යාවේදී වර්ග කෙරෙන්නේ 'සුපිරි පෘථිවි' කාණ්ඩයටයි.

පෘථිවියට සාපේක්ෂව විශ්වයේ ආසන්න කලාපයක පිහිටා ඇති 'රතු වාමන' වර්ගයට අයත් මව් තරුවක් වටා මෙම ග්‍රහලෝකය භ්‍රමණය වෙමින් පවතී.

මෙම සොයාගැනීමේ ඇති වැදගත්ම සන්ධිස්ථානය වන්නේ අදාළ ග්‍රහලෝකය සිය මව් තරුවේ සිට "වාසයට සුදුසු කලාපය" හෙවත් "රන්වන් කලාපය" තුළ පිහිටා තිබීමයි.

ඕනෑම ආකාශ වස්තුවක මතුපිට ද්‍රව තත්ත්වයෙන් ජලය රැඳී පැවතීමට අවශ්‍ය පරිපූර්ණ උෂ්ණත්ව මට්ටම නිර්මාණය වන්නේ මෙම සීමාව තුළය.

මාළු මිල ඉහළට - නව මිල මෙන්න

මාළු මිල ඉහළට - නව මිල මෙන්න

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ මැක්ඩොනල්ඩ් නිරීක්ෂණාගාරයේ ස්ථාපිත කර ඇති මීටර් 10ක් උසැති දැවැන්ත 'Hobby-Eberly' දුරේක්ෂයට අනුයුක්ත 'Habitable-zone Planet Finder' සංවේදකය මෙන්ම, ඇරිසෝනාහි පිහිටි 'WIYN' දුරේක්ෂයේ ඇති 'NEID' වර්ණාවලිමානය වැනි අතිනවීන තාක්ෂණික මෙවලම් උපයෝගී කරගනිමින් මෙම සාර්ථක අනාවරණය සිදුකර තිබේ.

පර්යේෂකයන් පෙන්වා දෙන්නේ අපගේ පෘථිවියට සූර්යයාගෙන් ලැබෙන සමස්ත විකිරණ ශක්ති ප්‍රමාණයෙන් 90%ක් තරම් ඉහළ අගයක් මෙම නව සුපිරි පෘථිවියට එහි මව් තරුවෙන් ලැබෙන බවයි.

මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් දෙදෙනෙක් මරුට - තවත් බොහෝ පිරිසක් රෝහලට

මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් දෙදෙනෙක් මරුට - තවත් බොහෝ පිරිසක් රෝහලට

එය විශ්වීය ජීවීන්ගේ පැවැත්මට සහ වර්ධනයට අවශ්‍ය ඉතාමත් සමතුලිත මෙන්ම කදිම තත්ත්වයක් බව විද්‍යාඥයෝ වැඩිදුරටත් විශ්වාසය පළ කරති.