එකිනෙකා ගහ ගත්ත අය දැන් තංගල්ලේ හුරතලේ.. අනුර ටෝකියෝවේ කියපු කතා
ජපානයේ නිල සංචාරය අතරතුරදී ටෝකියෝහි පැවැත්වුණු ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ හමුවකදී, "නීති හදපු අයම නීති කඩනවා නම් මොකද කරන්නේ. ඔවුන් දන්නවා නීතිය තියෙනවා ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා. ඉස්සරහට අපි නීතිය ක්‍රියාත්මක වන බව තහවුරු කරනවා. පක්ෂ හතළිහක් එක කාමරයකට එකතු වෙන්න තරම් අපි ඒක ඔප්පු කර තියෙනවා" යනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ, "මං දැක්කා අදත් තංගල්ලේ යනවා බලන්න. මේ එකිනෙකා ගහ ගත්ත අය. දූෂණ විරෝධී පනත හරියට ක්‍රියාත්මක වෙන බව මේ අය දැන් දන්නවා" යනුවෙනි.
ජනාධිපතිවරයාගේ මෙම සංචාරය ඉකුත් 27 වැනිදා සිට 30 දක්වා ජපාන රජයේ ආරාධනය මත සිදුවන අතර, එහිදී ඔහු එරට වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ හමුවීම්, ව්‍යාපාරික සංසද සහ "එක්ස්පෝ 2025 ඔසාකා" ප්‍රදර්ශනයට සහභාගී වීම් ඇතුළත් වේ.
මෙම හමුව තුළින් රජයේ දූෂණ විරෝධී උපායමාර්ගවල ක්‍රියාකාරීත්වය සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමේ රජයේ කැපවීම ජපාන ශ්‍රී ලාංකික ප්‍රජාවට ඉදිරිපත් කිරීමේ අරමුණක් ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.