රනිල්, මහින්ද බලන්න කාල්ටන් නිවසට යයි
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර අද (28) පෙරවරුවේ හමුවීමක් සිදුව තිබේ. මෙම හමුවීම සිදුවී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ තංගල්ල කාල්ටන් නිවසේදී බව වාර්තාවේ.
රනිල් වික්රමසිංහ මහතා මෙලෙස මහින්ද රාජපක්ෂ මහතාව හමුවී ඇත්තේ කතරගම සිට කොළඹ බලා පැමිණෙන අතරවාරයේ බව සඳහන්.
එහිදී තමන් සිරගත කළ අවස්ථාවේදී කළ කාර්යභාරය සම්බන්ධයෙන් රනිල් වික්රමසිංහ මහතා මෙහිදී මහින්ද රාජපක්ෂ මහතාට සිය ස්තූතිය පළ කළේය.
එමෙන්ම කාල්ටන් නිවසට පැමිණි රනිල් වික්රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ සැප සනීප සම්බන්ධයෙන්ද විමසා බැලීමට පියවර ගනු ලැබීය.