ඉල්ලන් කෑම සහ අනුර කුමාරගේ පරිපාලන දැනුම ගැන එළියට ආ තොරතුරු.

Anura Kumara Dissanayaka Duminda Dissanayake
By Wayomi Sep 17, 2024 03:48 PM GMT
Wayomi

Wayomi

Report

රනිල් මේ රටේ තිබුණ ප්‍රශ්න වලට උත්තර හෙව්වේ නැත්නම් අදටත් අපිට උත්තරයක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, පසුගියදා අනුරාධපුර නොච්චියාගම ප්‍රදේශයේ පැවති ජන හමුවකදීයි.

"පොහොර නැතිව රුපියල් 45 000 ටත් පොහොර ගන්න නැතිව, අපි හූල්ලනකොට වගාව ඇස් පනා පිට නැති වෙන කොට පක්ෂ භේදයක් තිබුණේ නෑ, ඒ වගේම දැන් අපි හැමෝම එකතු වෙලා තියෙන්නෙත් ඒ වගේම පක්ෂ බේදයක් නැතිව මේ රට නැගිට්ටවන්න, ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ තේමා පාඨය වෙලා තියෙන්නේ පුලුවන් ශ්‍රී ලංකා කියලා, පුලුවන් ශ්‍රී ලංකා කියලා රටක් නැගිට්ටවන්න තමයි අද අපි මේ සූදානම් වෙන්නේ.

මොකක්ද මේ වෙන්න යන්නේ? - එක්වරම ත්‍රිවිධ හමුදාව පොලිස් ස්ථානවලට කැඳවයි.

මොකක්ද මේ වෙන්න යන්නේ? - එක්වරම ත්‍රිවිධ හමුදාව පොලිස් ස්ථානවලට කැඳවයි.


මේ ගමන යන කොට අපි රට නැගිට්ටවන්න යනවා වගේම තවත් කට්ටියක් බලය ඉල්ලනවා.සජිත් ප්‍රේමදාස මහත්තයාත් බලය ඉල්ලනවා,ඒ වගේම අනුර කුමාර මහත්තයාත් බලය ඉල්ලනවා.හැබැයි අපි දන්නවා අපි පෝලිමේ ඉන්න කොට ඒ පොලිමේ ශ්‍රී ලංකාකාරයෝ, පොහොට්ටුකාරයෝ විතරක් නෙමෙයි හිටියේ, එක්සත් ජාතික පක්ෂයේ අය විතරක් නෙමෙයි හිටියේ ජේ.වී.පී එකේ අයත් හිටියා, ස.ජ.බේ මිනිස්සුත් හිටියා, හැබැයි අඩුම තරමේ සජිත් ප්‍රේමදාස මහත්තයා ඒ ස.ජ.බේ මිනිස්සු වෙනුවෙන්වත් පොහොර ටිකක් ගේන විදිහක් ගැන හිතුවාද? තෙල් ටිකක් ගේන විදිහක් ගැන හිතුවාද ?

ජනධිපති අපේක්‍ෂකයන්ගේ ආරක්ෂාව තර කරයි. - හෙට කොළඹට එන යන අය අමාරුවේ වැටෙන්න කලින් මේක බලන්න. - අලුත්ම සැලැස්ම මෙන්න.

ජනධිපති අපේක්‍ෂකයන්ගේ ආරක්ෂාව තර කරයි. - හෙට කොළඹට එන යන අය අමාරුවේ වැටෙන්න කලින් මේක බලන්න. - අලුත්ම සැලැස්ම මෙන්න.


එහෙම නැත්නම් විපක්ෂ නායක විදිහට රට ගොඩනගන්න මම නායකත්වය දෙන්න ඔ්න කියලා එදා ඒ නායකත්වය භාර ගත්තේ නෑ,එදා පැනලා ගියා, ඒ වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි ඒ අයට බැරි නිසා තමයි ඒ අය භාර ගත්තේ නැත්තේ, අපි කොච්චර පුලුවන් කිව්වත් ඒ මිනිස්සුනේ දන්නේ බෑ කියලා.ඒ අය බෑ කියලා දන්න නිසා ඒ මනුස්සයෝ දෙන්නාම මඟහරිනවා මිසක් වෙන කරන්න දෙයක් නෑ,දැන් ඇයි අපි බෑ කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාව අපි පහුගිය කාළයේම දැක්කානේ, අපිට ලයිට් නැති කාලේ, අපිට තෙල් නැති කාලේ, මේ සියල්ල නැති කාලේ සජිත් ප්‍රේමදාස මහත්තයා කලේ පාසලකට ගියා, වාහනයක් බෙදුවා,එහෙම නැත්නම් ස්මාර්ට් බෝඩ් එකක් බෙදුවා, ඊට පස්සේ ළමයි ටිකක් වට කර ගෙන කථා කරපු එක විතරයි කලේ, කෙස් පැහෙන තර්ක ඉස්කෝලේ ළමයින්ට කිව්වා.

මේකද විපක්ෂ නායකගේ රාජකාරිය, ඒ නිසා අපි දන්නවා අද වැටිච්ච රටක් නැගිට්ටවන්න එයාට හැකියාවක් නෑ කියලා.ඒ නිසා මඟහැරියා ඒ වගේම නුර කුමාර දිසානායක මහත්තයා, අනුරයි -මමයි පාර්ලිමේන්තු ගියේ 2000 අවුරුද්දේ එකට, අද අනුර කුමාරට ගමේ රටේ කරපු වැඩක් ගැන කියන්න තියෙනවාද? හැබැයි දුමින්දට කියන්න දේවල් තියෙනවා.

මැතිවරණ ජරමර අස්සේ භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ 17 වැනි චෝදනාවෙන් දුමින්ද සිල්වා නිදොස් කොට නිදහස්. - ඒත් උසාවි ගේන්න බැරිවෙලා.

මැතිවරණ ජරමර අස්සේ භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ 17 වැනි චෝදනාවෙන් දුමින්ද සිල්වා නිදොස් කොට නිදහස්. - ඒත් උසාවි ගේන්න බැරිවෙලා.


අනුර කුමාර මේක කරන්න බෑ කියලා දාලා ගියේ ඇයි, භාර ගත්තේ නැත්තේ ඇයි? අනුර කුමාරට අත්දැකීමක්, වයස තියෙනවා, හොඳට කථා කරන්න පුලුවන්, අඬවන්න පුලුවන්, මිනිස්සු හිනා ගස්සන්න පුලුවන්, ඒ හැකියාව තිබුණාට පරිපාලනය පැත්තෙන් අත්දැකීමක් තියෙනවාද? මොකද එතුමා ප්‍රාදේශීය සභාවකවත් සභාපති වෙලා නෑනේ, අපිත් එක්ක ආණ්ඩුවේ හිටියා අවුරුදු 1 ½ ක් විතර කෘෂිකර්ම ඇමති විදිහට, හැබැයි කරපු දෙයක් නෑ, අනුර කුමාර එදා භාර ගන්නේ නැතිව පැනලා ගියේ, අනුර කුමාරට පරිපාලනමය දැනුමක් නෑ, ආයතනයක් පරිපාලනය කරලා නෑ, මම කියන නිසා නෙමෙයි, ඒ ගොල්ලම කියනවානේ ඒ ගොල්ලන්ගේ කොන්ඩේ කපන්නේ නිකං, කමිසේ දුන්නේ මෙයා, කලිසම දුන්නේ අරයා, කන්න දුන්නේ මෙයා ගෙදරක්වත් පරිපාලනය කර ගන්නේ නැත්නම් ඒ ගොල්ල රටක් පරිපාලනය කරන්න පුලුවන්ද? වැටිච්ච රටකට නායකත්වය දෙන්න පුලුවන්ද? ව්‍යාපාරයක් කරලා තියෙනවාද? අත්දැකීමක් තියෙනවාද? මෙලෝ දෙයක් නැති නිසා තමයි එදා රට භාර ගත්තේ නැත්තේ.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් ඉවතට. - මෙන්න ගත් විශේෂ තීරණය.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් ඉවතට. - මෙන්න ගත් විශේෂ තීරණය.


එදා වැඩේ භාර ගත්තේ නැතිව අද මේ දෙන්නම අපි වෙනුවෙන් කිඹුල් කඳුලු හලන්නේ ඇයි දැන්? සජිත් කියනවා 5000 ට පොහොර දෙනවාලු, අනුර කුමාරත් ඒ වගේ පොරොන්දු දෙනවා.අපි අහන්නේ වැටිච්ච වෙලාවේ නැති එකා, වැටිච්ච වෙලාවේ බෑ කිව්ව එකා , වැටිච්ච වෙලාවේ නායකත්වය ගත්තේ නැති එකා, දැන් කොහොමද මේ රට ගෙනියන්නේ, අපි රට නැගිට්ටුවාට පස්සේ, ටිකක් හුස්ම ගන්න කොට, බැරි වෙලා හරි මේ ටිකක් හරි හුස්ම ගන්න කොට මේ ගොල්ල භාර ගෙන, මේ ගොල්ල ඉල්ලපු නිසා අපි දුන්නොත් රට ආපස්සට හැරුණොත් ආයේ පාරක් අපි බංකොලොත් රටක් වෙනවා නේද? ආයේ පාරක් අපිට, හිටියටත් වඩා තවත් ආපස්සට යන්න වෙනවා."

ඡන්ද පොලේදී පොඩ්ඩ ගැස්සුනොත් වෙඩි තියන්න අවසර. - ඒ නිසා මේ ගැන සැලකිලිමත් වන්න.

ඡන්ද පොලේදී පොඩ්ඩ ගැස්සුනොත් වෙඩි තියන්න අවසර. - ඒ නිසා මේ ගැන සැලකිලිමත් වන්න.