ඇත්තටම කවුද මේ අරවින්ද හෙවත් අනුර කුමාර දිසානායක කියන්නේ?.

Anura Kumara Dissanayaka President of Sri lanka Election Latest Headlines
By krishani Sep 23, 2024 11:19 PM GMT
krishani

krishani

Report

2024 - ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට ආදළ ඡන්ද විමසීම සැප්තැම්බර් 21 වන දාට යෙදී තිබුණා.

2022 වසරේ රට මුහුණ දුන් බරපතළ ආර්ථික අර්බුදයෙන් පසු පැවැත්වෙන පළමු ජනාධිපතිවරණය මෙය වීම විශේෂත්වයක් වනවා.

මෙම ආර්ථික අර්බුදය ආහාර, ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයකට ප්‍රබලව තුඩු දුන්න.

එයට රට පුරා පුළුල් විරෝධතා ඇති වූණ අතර අවසානයේ ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බවට ප්‍රකාශයට පත් කිරීමට ද හේතු වුණා.

මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 39 දෙනෙක් ඉදිරිපත් වුණ අතර ඉන් පළමු ගණන් කිරීමේ කටයුතු වලින් අනුර කුමාර දිසානායක ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 5,634,915ක් විය.

රටම නොඉවසිල්ලෙන් බලන් හිටිය, ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපති - අනුර කුමාර දිසානායක..

රටම නොඉවසිල්ලෙන් බලන් හිටිය, ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපති - අනුර කුමාර දිසානායක..


ඒ අනුව ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ 09 වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස පත් විය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුතේගම ග්‍රාමයේ දී දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක 1968 නොවැම්බර් 24 වැනි දින උපත ලැබුවා.

පියා කම්කරුවෙකු වූ අතර මව ගෘහණියකි.

එක් සහෝදරියක් ඔහුට සිටින අතර තඹුත්තේගම ගාමිණී මහා විද්‍යාලයෙන් සහ තඹුතේගම මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූවා.

එම විද්‍යාලයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ පළමු සිසුවා බවට පත් විමට ඔහුට හැකි වුණා.

අනුර කුමාරගේ නම ගැසට් කරලා.. හවස් යාමේ වෙලා තියෙන දෙය මෙන්න..(PHOTO)

අනුර කුමාරගේ නම ගැසට් කරලා.. හවස් යාමේ වෙලා තියෙන දෙය මෙන්න..(PHOTO)


පාසල් වියේ සිටම ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වූ දිසානායක 1987 දී එයට සම්බන්ධ වී ශිෂ්‍ය දේශපාලනයේ ක්‍රියාකාරී වෙමින් 1987 සිට පූර්ණ කාලීන දේශපාලන කටයුතුවල නිරත වූයේ 1987-1989  කැරැල්ලේ ආරම්භයත් සමඟය.

1995 දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය ලබා ගත්තා.

1995 දී ඔහු සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක බවට පත් වූ අතර ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් විය. ඔහු 1998 දී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයට පත් වුණා.

සෝමවංශ අමරසිංහ යටතේ යළි ප්‍රධාන ධාරාවේ දේශපාලනයට පිවිසි ජනතා විමුක්ති පෙරමුණේ 1994 ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණයේදී චන්ද්‍රිකා කුමාරතුංගට සහය දුන්නෙ ය.

පුදුමයි නේද?. අභිනවයෙන් පත් වුණ නව ආරක්ෂක ලේකම් මෙහෙම කෙනෙක් කියලා ඔයා දැනගෙන හිටිය ද?.

පුදුමයි නේද?. අභිනවයෙන් පත් වුණ නව ආරක්ෂක ලේකම් මෙහෙම කෙනෙක් කියලා ඔයා දැනගෙන හිටිය ද?.


ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් ඔහු 2000 දී පාර්ලිමේන්තුවට පිවිසි අතර 2001 ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව නැවත පත් විය. 

2004 දී ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධානගත වූ අතර 2004 පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොටසක් ලෙස තරඟ කර පාර්ලිමේන්තුවේ ආසන 39 ක් දිනා ගත්තේය.

ඒ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර 2004 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය - ජනතා විමුක්ති පෙරමුණ හවුල් ආණ්ඩුවේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස ජනාධිපති චන්ද්‍රිකා කුමාරණතුංග විසින් පත් කරන ලදී.

උතුරු නැගෙනහිර පළාත්වල සුනාමි සහන සම්බන්ධීකරණය සඳහා එල්ටීටීඊය සමඟ ජනාධිපති කුමාරණතුංග රජය ගෙන ගිය ආන්දෝලනාත්මක ඒකාබද්ධ යාන්ත්‍රණයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණේ නායක අමරසිංහ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වීමට ගත් තීරණයෙන් පසුව අනෙකුත් ජනතා විමුක්ති පෙරමුණේ ඇමැතිවරු රජයෙන් ඉවත් විය.

කතානායකවරයා, නව ජනාධිපති අනුර කුමාරට එකවරම කීව දෙය..

කතානායකවරයා, නව ජනාධිපති අනුර කුමාරට එකවරම කීව දෙය..


ඔහු 2015 සැප්තැම්බර් සිට 2018 දෙසැම්බර් දක්වා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළේය. 

ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ නායකයා 2014 පෙබරවාරි 2 වැනිදා ජනතා විමුක්ති පෙරමුණේ 17 වැනි ජාතික සමුළුවේදී සෝමවංශ අමරසින්ගේ අනුප්‍රාප්තිකයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නව නායකයා ලෙස අනුර කුමාර දිසානායක නම් කරන ලදී.

2024 ජනාධිපතිවරණයේ දී "පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" යන්න ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තේමාව විය.

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය පිටු 233කින් සමන්විත වන අතර එහි පළමු පිටු 50 තුළ පරිසමාප්ත ජීවිතයක් - සුවපහසු රටක් ඇති කිරීම සම්බන්ධයෙන් වූ කරුණු ඇතුළත් කර තිබෙනවා.

ප්‍රතිපත්ති ප්‍රකාශයේ දෙවන කොටසට අන්තර්ගත කර තිබෙන්නේ ගෞරවනීය ජීවිතයක් ගත කරමින් සුරක්ෂිත රටක් ස්ථාපිත කිරීමට අදාළ වූ කරුණු වේ.

ලාංකිකයින්ගේ ජීවිත නවීන තත්ත්වයකට ගෙන එමින් පොහොසත් රටක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් වූ සැලසුම් මෙහි තෙවන කොටසින් අවධාරණය කර තිබෙනවා.

ප්‍රතිපත්ති ප්‍රකාශයේ සිව්වන සහ අවසන් කොටසට අන්තර්ගත කර තිබෙන්නේ අභිමානවත් ජීවිතයක් ගත කිරීම සඳහා නොසැලෙන රටක් නිර්මාණය කිරීමට අදාළ සැලසුම් පිළිබඳවයි.

ජනපති උණුසුම මැද, එජාපය මේ මොකක්ද කරන්න යන්නේ.. පක්ෂ ඔක්කොම ද?.. දේශපාලන පෙරළියක්?.

ජනපති උණුසුම මැද, එජාපය මේ මොකක්ද කරන්න යන්නේ.. පක්ෂ ඔක්කොම ද?.. දේශපාලන පෙරළියක්?.


ඒ යටතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්, කාර්යක්ෂම රාජ්‍ය සේවයක්, මිත්‍රශීලි පොලිස් සේවාවක් සහ මතින් තොර රටක් ඇතුළු සැලසුම් සාක්ෂාත් කරගන්නා ආකාරය මෙහි දක්වා තිබෙනවා.

ප්‍රතිපත්ති ප්‍රකාශයේ අවසන් පිටුවේ දක්නට ලැබනේනේ ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ පණිවුඩය වේ. 

පුරා වසර 76කට පසු සමස්ථ ක්ෂේත්‍ර පුරා සිදුකරන සමාජ පරිවර්තනයක් පිළිබඳ අපේක්ෂාවෙන් එහි පදනම් සැලැස්ම මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් නිකුත් කර තිබෙනවා.

Sri Lanka Presidential Election 2024

  • NPP 5634915
    Anura Kumara Dissanayake
    42.31%
  • SJB 4363035
    Sajith Premadasa
    32.76%
  • IND16 2299767
    Ranil Wickremesinghe
    17.27%
  • SLPP 342781
    Namal Rajapaksa
    2.57%