පුදුමයි නේද?. අභිනවයෙන් පත් වුණ නව ආරක්ෂක ලේකම් මෙහෙම කෙනෙක් කියලා ඔයා දැනගෙන හිටිය ද?.

Report

අද (23) දිනයේ දී, නව ආරක්ෂක ලේකම්වරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත මහතා පත් කෙරිණ.

ඒ මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දක්ෂ නිලධාරියෙක් වේ.

අනේ.. මේ මොකද වුණේ?. කලා කෙත අස්වැද්දූ, තවත් ජ්‍යෙෂ්ඨයෙක්, ජීවන වේදිකාවෙන් බැස යයි.. (PHOTOS)

අනේ.. මේ මොකද වුණේ?. කලා කෙත අස්වැද්දූ, තවත් ජ්‍යෙෂ්ඨයෙක්, ජීවන වේදිකාවෙන් බැස යයි.. (PHOTOS)


1988 මැයි මස 17 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවට කැඩෙට් නිලධාරියෙකු ලෙස ඔහු එක්ව තිබෙනවා.

පසුව 1990 වර්ෂයේ දී සාමාන්‍ය රාජකාරි නියමු නිලධාරියෙකු ලෙස පත්ව ඇති බව සඳහන් වේ.

එම වසරේම ඔහු බෙල් 212 සහ 412 හෙලිකොප්ටර් යානාවල මෙහෙයුම් නියමුවෙකු ලෙස පියාසර රාජකාරියේ නිරතව ඇත.

රටම නොඉවසිල්ලෙන් බලන් හිටිය, ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපති - අනුර කුමාර දිසානායක..

රටම නොඉවසිල්ලෙන් බලන් හිටිය, ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපති - අනුර කුමාර දිසානායක..


එමෙන්ම, 2001 අවුරුද්දේදී එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත දෙවන අණදෙන නිලධාරියෙකු වශයෙන් පත්ව ඇති බව සඳහන් වේ.

ඒ අනූව ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 9 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණයට ඔහු පත් කර තිබෙනවා.

තවද, 2005 වසරේ දී අණදෙන නිලධාරි වශයෙන් උසස්වීම් ලබා ඇති අතර එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත සිය සේවා කාලය තුළදී උතුරු නැගෙනහිර මුදාගැනීමේ මානුෂීය මෙහෙයුම ඇතුළු සිදුකළ සියලුම ප්‍රධාන මෙහෙයුම් සඳහා දායකත්වය සපයා තිබෙන නිලධාරියෙක් වේ.

09 වෙනි විධායක ජනාධිපති ලෙස තේරි පත් වුණ.. අනුර කුමාර කරන්න යන වෙනස මෙන්න..

09 වෙනි විධායක ජනාධිපති ලෙස තේරි පත් වුණ.. අනුර කුමාර කරන්න යන වෙනස මෙන්න..


ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රහාරක හෙලිකොප්ටර් නියමුවෙකු ලෙස පියාසර පැය 7,000කට අධික කාලයක් වාර්තා කිරීමට ද එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත සමත් වී ඇත.

එමෙන්ම, දෙවසරක කාලයක් පාකිස්තානයේ ඉස්ලාමාබාද් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කළේ ය.

වැල් පාලමේ අවසානය පෙනි පෙනී ලක් දරුවා අනුරට භාර දී ජනපති රනිල් යන්න යයි.. අවසානයේ කීව දෙය මෙන්න..

වැල් පාලමේ අවසානය පෙනි පෙනී ලක් දරුවා අනුරට භාර දී ජනපති රනිල් යන්න යයි.. අවසානයේ කීව දෙය මෙන්න..


කෙසේ වෙතත්, ඔහු විසින් සිදුකළ විශිෂ්ට සේවාව වෙනුවෙන් 'වීර වික්‍රම විභූෂණ', 'රණ වික්‍රම', 'රණ ශූර' ඇතුලු පදක්කම් රැසක් හිමිකරගෙන තිබෙනවා.