තවත් ලොක්කෙක් දිවිසැරිය නිමකරයි

Report

ශ්‍රී දළදා මාළිගාවේ මහ ලේකම් වශයෙන් දශක එක හමාරකට ආසන්න කාලයක් මහත් කැපවීමෙන් සේවය කළ, රාජ්‍ය සේවයේ කීර්තිමත් පරිපාලකයෙකු වූ සී. ඩබ්ලිව්. කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ සමීප ආරංචි මාර්ග පවසයි.

රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ හසළ අත්දැකීම් සතිත කීර්තිමත් නිලධාරියෙකු වශයෙන්ද සී. ඩබ්ලිව්. කරුණාරත්න මහතා කටයුතු කර ඇති අතර අදශක ගණනාවක් පුරා පරිපාලන ක්ෂේත්‍රයේ අභිජන අත්දැකීම් සමග රාජ්‍ය සේවයට දැවැන්ත දායකත්වයක් ඉටු කළ කෘතහස්ත නිලධාරියෙක්.

බයවෙන්න එපා අපි දරුවන්ට නරකක් කරන්නෑ අපි ගේන්නේ දරුවන්ට හොද නීතියක්

බයවෙන්න එපා අපි දරුවන්ට නරකක් කරන්නෑ අපි ගේන්නේ දරුවන්ට හොද නීතියක්

රාජ්‍ය සේවයේ ගුණාත්මක ප්‍රතිසංස්කරණයන් සඳහා ද ඔහුගේ දායකත්වය විශේෂ කොට සලකන අතර  ආගමික සහ සමාජීය කටයුතු වෙතද විශාල දායකත්වය දැක්වූ කරුණාරත්න මහතා , ශ්‍රී දළදා මාළිගාව තුළ නිරතුරුව ඉටු කළ සේවය හරහා මහජන ගෞරවය දිනා ගත් අයෙකි.

උසස් පෙළ දිස්ත්‍රික් ප්‍රථමයා ජීවිතක්ෂයට

උසස් පෙළ දිස්ත්‍රික් ප්‍රථමයා ජීවිතක්ෂයට

කරුණාරත්න මහතාගේ දේහය දැනට ගාල්ල, රුහුණු මල්ශාලාවේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු හෙට (01) දින සිදුකිරීමට නියමිත බව පවුලේ ඥාතීන් පවසනවා.

මේ මස උද්ධමනය ඉහළට

මේ මස උද්ධමනය ඉහළට