ඥානසාර හිමි බලෙන් අල්ලාගත් සුපිරි නිවස අයිතිකාරියට දෙන්නැයි නියෝගයක්..

Sri Lanka Police Sri Lanka Sri Lanka Magistrate Court Law and Order
By Piyumika Sep 14, 2024 05:19 AM GMT
Piyumika

Piyumika

Report

ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් බලහත්කාරයෙන් අල්ලා ගන්නා ලද බව කියන කෝටි 10ක් වටිනා සුඛෝපභෝගි මහල් නිවාසයක් එය අයිති පෙත්සම්කාරියට නීත්‍යනුකූලව භුක්ති විඳීමට ලබාදෙන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා පසුගියදා (12) නියෝග කර තිබෙන බව වාර්තා විය.

මෙහෙමත් ගුරුවරියෝ දෙන්නෙක්..දරුවෙක්ට මෙහෙමත් ගහනවද..

මෙහෙමත් ගුරුවරියෝ දෙන්නෙක්..දරුවෙක්ට මෙහෙමත් ගහනවද..

කොළඹ 4 පදිංචි ඉනෝකා චන්දිමා සේනානායක නමැති කාන්තාවක් ජ්‍යෙෂ්ඨ නීතිඥ නිල නොලත් මහෙස්ත්‍රාත් සන්ධ්‍යා තල්දුව මහත්මිය මඟින් අධිකරණය හමුවේ ගොනුකර තිබූ පෞද්ගලික නඩුවක් සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කරණ ලදී.

ගලගොඩඅත්තේ ඥානසාර හිමි, උන්වහන්සේගේ ගෝල හිමිනමක් වන දයාසීග හිමියන්ට හා එම නිවෙසේ මුරකරු වශයෙන් කටයුතු කළ බව කියන සිල්වෙස්ටර් නමැති තිදෙනෙක් මෙම සිද්ධියේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

ඔබේ ජංගම දුරකථනය විකුණන්න හිතාගෙනද ඉන්නේ එහෙනම් මෙන්න මේ අයගෙන් ප්‍රවේසම් වෙන්න..

ඔබේ ජංගම දුරකථනය විකුණන්න හිතාගෙනද ඉන්නේ එහෙනම් මෙන්න මේ අයගෙන් ප්‍රවේසම් වෙන්න..

බම්බලපිටිය ෆැල්කන් රෙසිඩන්ස් නමැති එම සංකීර්ණයේ පිහිටි එම සුඛෝපභෝගී නිවෙස තම පියාගේ සහෝදරියට අයත් එකක් බවත් 2023 වසරේ මැයි 18 වැනි දින එය තමා භාරයට පත් කළ ඇය විදේශගත වූ බවද ඒ අනුව එදින සිට නිවෙස නඩත්තු කරමින් රැක බලා ගනිමින් තමන් භුක්ති විඳිමින් සිටි බවද පැමිණිලිකාරීය සිය පැමිණිල්ල මඟින් පෙන්වාදී තිබුණි.

එම නිවෙස නඩත්තු කරමින් හා රැකබලා ගනිමින් සිටින විට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු පිරිසක් නිවෙස පිහිටි ස්ථානයට පැමිණ තමන්ට හා තම දියණියට එම නිවෙසට ඇතුල්වීමට ඉඩනොදී බාධා කරමින් කලහකාරී ලෙස හැසිරුණු බවද පෙත්සම්කාරිය ගොනුකර තිබෙන පැමිණිල්ලේ සඳහන් වේ.

සමාජ මාධ්‍ය තාවකාලිකව අත්හිටුවයිද? ..

සමාජ මාධ්‍ය තාවකාලිකව අත්හිටුවයිද? ..

එම සිදුවීමෙන් දින කිහිපයකට පසු සැකකාර ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේනමක් තමන්ට දුරකථන ඇමතුමක් ලබා දෙමින් නිවෙසින් ඉවත් වන ලෙසට බලපෑම් කළ බවත් ඒ අනුව තමා ඒ පිළිබඳව බම්බලපිටිය පොලිසියට පැමිණිල්ලක් කර නිවෙස වෙත ගිය විට එහි ආරක්ෂාවට යොදවා සිටි නිලධාරියා නිවෙස වෙත ඇතුල් නොවන ලෙස තමාට තර්ජනය කළ බවද ඇය එම පැමිණිල්ල මඟින් පෙන්වාදී තිබේ.

තමන්ට එල්ල වී තිබෙන මරණීය තර්ජන හේතුවෙන් තමන් හා තම දියණිය එම නිවාස සංකීර්ණයෙන් ඉවත්ව ඒකල ප්‍රදේශයට පැමිණ තාවකාලිකව පදිංචිව සිටින බවද මේ සම්බන්ධයෙන් තමාට නීතියේ පිළිසරණ ලබාදෙන ලෙසද පැමිණිලිකාරීය සිය නීතිඥවරිය මඟින් අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණි.

සැක පිට අත්තඩංගුවට ගත්ත දෙන්න ලග තිබ්බ පොලිසියේත් ඇස් උඩ ගිය දේ..

සැක පිට අත්තඩංගුවට ගත්ත දෙන්න ලග තිබ්බ පොලිසියේත් ඇස් උඩ ගිය දේ..

ඒ අනුව, මෙම පැමිණිල්ල සලකා බැලීමෙන් අනතුරුව බම්බලපිටිය ෆැල්කන් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ පිහිටි රුපියල් කෝටි 10ට අධික වටිනාකමින් යුත් නිවෙසක් වහාම එම කාන්තාවට භාර දෙන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු වගඋත්තරකරුවන් තිදෙනකුට පසුගියදා (12) නියෝග කළේය.

එම නියෝගය කඩ කළහොත් අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව දැඩි දඬුවම් ලබාදීමට පියවර ගන්නා බවද මහෙස්ත්‍රාත්වරයා වගඋත්තරකරුවන් තිදෙනාට දැනුම් දී ඇත.

හදිසියේම මාධ්‍ය නාලිකාවට සම්බාධක..

හදිසියේම මාධ්‍ය නාලිකාවට සම්බාධක..

පෙත්සම්කාර කාන්තාව සිය නීතිඥවරිය මඟින් අධිකරණය හමුවේ දැක්වූ කරුණු අනුව ඇය එම නිවෙස භුක්ති විඳ ඇති බව පැහැදිලි වන බවත් උත්තරකරුවන් බලහත්කාරයෙන් පෙත්සම්කාරියට එම දේපළ භුක්ති විඳීම අහිමිකර ඇති බවට කරුණු තහවුරු වන බවද මහෙස්ත්‍රාත්වරයා අධිකරණය හමුවේ පවසා සිටින ලදී.

එම නිසා එම දේපළෙහි සාමකාමී නිරවුල් භුක්තිය පෙත්සම්කාරියට හිමිවිය යුතු බවද සිය තීන්දුව ලබාදෙමින් මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.