සමාජ මාධ්‍ය තාවකාලිකව අත්හිටුවයිද? ..

Report

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් පසුව පවතින පැය 48 ක නිහඬ කාල​​යේ දී සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන අපේක්ෂක ප්‍රචාරක කටයුතු හා මඩ ප්‍රචාර ආදිය නතර කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කර ඇත.

සැක පිට අත්තඩංගුවට ගත්ත දෙන්න ලග තිබ්බ පොලිසියේත් ඇස් උඩ ගිය දේ..

සැක පිට අත්තඩංගුවට ගත්ත දෙන්න ලග තිබ්බ පොලිසියේත් ඇස් උඩ ගිය දේ..

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ සමාජ මාධ්‍ය ජාලා අයත් සමාගම් සමග එක්ව මෙම වැඩපිළිවෙළ සකස් කිරීම සම්බන්ධව අවධානය යොමුකර ඇතැයි ද එම කොමිසම සඳහන් කළේය.

මෙමස 18 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් වන අතර, 19 වැනිදා සහ 20 වැනිදා නිහඬ කාලයවේ.

පරක්කු වුණ නිසා මේ පාර නැති වෙයි කියලද හිතුවේ..මෙන්න ඔයාට එහෙනම් සතුටු හිතෙන ආරංචියක්..

පරක්කු වුණ නිසා මේ පාර නැති වෙයි කියලද හිතුවේ..මෙන්න ඔයාට එහෙනම් සතුටු හිතෙන ආරංචියක්..

මෙම කාලය තුළදී ප්‍රචාරක කටයුතු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වුවත්, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරක කටයුතු කිරීමේ සැලසුමක් පවතින බවට තොරතුරු අනාවරණයවී ඇත.

සමාජ මාධ්‍ය කණ්ඩායම් සමග සාකච්ඡා කර නිහඬ කාලය තුළදී මැතිවරණ ප්‍රචාරක හා මඩ ප්‍රචාර කටයුතු නතර කිරීම සඳහා මැතිවරණ කොමිසම දැඩි උත්සාහයක් ගන්නා බව එහි සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක පැවසීය. මෙම ප්‍රචාරක කටයුතු බොහොමයක් සිදු කෙරෙන්නේ විදෙස් රටවල සිට බවද ඔහු කීවේය.

ජනාධිපතිවරණය අස්සේ මොකක්ද මේ ඇහෙන කරබුවේ කතාව..

ජනාධිපතිවරණය අස්සේ මොකක්ද මේ ඇහෙන කරබුවේ කතාව..

මේ වනවිටත් සමාජ මාධ්‍යවල පළකර තිබූ මඩ ප්‍රචාර ආදිය එම සමාගම් සමග සාකච්ඡා කර ඉවත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන ඇතැයි ද සභාපතිවරයා සඳහන් කළේය.

තවද නිහඬ කාලයේදී සමාජ මාධ්‍යවල සිදු කෙරෙන මැතිවරණ ප්‍රචාරක කටයුතු වැළැක්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවද ක්‍රමවේදයක් සකස් කරගෙන යන බව ද ඔහු කීවේය.