ඔබේ ජංගම දුරකථනය විකුණන්න හිතාගෙනද ඉන්නේ එහෙනම් මෙන්න මේ අයගෙන් ප්‍රවේසම් වෙන්න..

Sri Lanka Police Sri Lanka Online business Social Media
By Piyumika Sep 14, 2024 02:48 AM GMT
Piyumika

Piyumika

Report

ලක්ෂ ගණන් වටිනා ජංගම දුරකථන විකිණීමට අන්තර්ජාලය දැන්වීම් කළ කරන පුද්ගලයින් රවටා එම භාණ්ඩ මංකොල්ලකන ජාවාරම්කරුවෙකු ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (13) නියෝග කළේය.

සැක පිට අත්තඩංගුවට ගත්ත දෙන්න ලග තිබ්බ පොලිසියේත් ඇස් උඩ ගිය දේ..

සැක පිට අත්තඩංගුවට ගත්ත දෙන්න ලග තිබ්බ පොලිසියේත් ඇස් උඩ ගිය දේ..

වසර අටක් තිස්සේ මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති සැකකරු ට එරෙහිව නඩු හතක් සහ වරෙන්තු හතරක් පවතින බවත්,පැමිණිලිකාර පුද්ගලයෙකුගෙන් පොලිසිය තුළදීම පහර කෑමට ලක්ව ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවටත්, පිටකොටුව ‌පොලිසිය බී වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

පොලිසිය තුළදී සැකකරුට පහර දුන් පැමිණිලිකාර පුද්ගලයාද අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහු ඇප මත මුදා හරින ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සමාජ මාධ්‍ය තාවකාලිකව අත්හිටුවයිද? ..

සමාජ මාධ්‍ය තාවකාලිකව අත්හිටුවයිද? ..

සැකකරු 2015 වසරේ සිට මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවත්, පොලිසියට කට්ටි පමණින් සිටි පුද්ගලයෙකු බවත් පිටකොටුව ‌පොලිසියේ උප පොලිස් පරීක්ෂක ජයසංක මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය. උප පොලිස් පරීක්ෂකවරයා කරුණු දක්වමින් මෙසේ ද පැවසීය.

අන්තර්ජාලයේ, මුහුණු පොත සහ යු ටියුබ් හරහා දුරකථන සහ කැමරා උපාංග විකිණීමට දැන්වීම් පළ කරන පුද්ගලයින්ට කතාකර එම භාණ්ඩ මිලදී ගැනීමට භාණ්ඩය රැගෙන කොළඹට පැමිණෙන ලෙස දන්වා ඇති සැකකරු,ටයිකෝට් ඇඳි ව්‍යාපාරිකයෙකු ලෙස පෙනී සිටිමින් එම භාණ්ඩය අතට ගස් පසු පිටකොටුව වෙළඳසැල් හරහා අතුරුදහන් වන පුද්ගලයෙකු බවත්,සැකකරුවන්ට එරෙහිව 2015 වසරේ සිට පැමිණිලි ලැබී ඇති හෙයින් ඔහු පිළිබඳ තොරතුරක් වෙතොත් දැනුම් දෙන ලෙසට පිටකොටුවේ සියලු වෙළඳ සැල් හිමියන්ට දැනුම් දී තිබූ බවත් කරුණු ඉදිරිපත් කළේය.

ඔන්ලයින් සිදු කල මහා පරිමාණ වංචාවක්..

ඔන්ලයින් සිදු කල මහා පරිමාණ වංචාවක්..

අවිස්සාවේල්ල කොස්ගම ප්‍රදේශයේ තරුණයෙකු මෙසේ ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක් විකිණීමට සැකකරු කතා කිරීමෙන් පසුව කොළඹ පැමිණ ජාවාරම්කරුට හසුවීමෙන් ඇති බවත්,සැකකරු පිළිබඳව පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණි අවස්ථාවේ සැකකරුව රැගෙන වෙළඳසැල් හිමියකු පොලිසියට පැමිණි බවද,එම අවස්ථාවේ කෝපාවිෂ්ට වූ පැමිණිලිකරු පැමිණිලි සටහන් කිරීම පසෙක තබා සැකකරු හඳුනාගෙන පහර දෙන්නට වූ බවත් පොලිසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් පිටකොටුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සිලොගම මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අලාකෝන් මහතා ගෙ මෙහෙයවීමෙන් විමර්ශන සිදු කරන බව ද සඳහන් කළේය.

ජනාධිපතිවරණය අස්සේ මොකක්ද මේ ඇහෙන කරබුවේ කතාව..

ජනාධිපතිවරණය අස්සේ මොකක්ද මේ ඇහෙන කරබුවේ කතාව..

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටත්,පැමිණිලිකාර සැකකරුට ඇප ලබා දෙන ලෙසටත් නියෝග කළේය. විමර්ශන ප්‍රගතිය ලබන විසි හත්වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.