චුන් පාන් අනියම් පෙම කපා කොටා ඝාතනය කරලා
By Ashfa
බේරුවල ,වලතර, ඩෝසර්වත්ත ප්‍රදේශයේ අනියම් අඹු සැමි යුවළකගේ පවුල් ආරවුලක් දුරදිග ගොස් කාන්තාව අනියම් පුරුෂයාව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි බේරුවල පොලිසිය ප්‍රකාශ කරයි.
මෙලෙස ඝාතනයට ලක්ව මිය ගොස් ඇත්තේ නාකන්දලගේ දොන් සේපාල(38) නමැති චුන් පාන් වෙළඳාමේ නියුතු පුද්ගලයකු බව වාර්තා වෙයි.
දින ගණනක් මුළුල්ලේ මෙම අඹුසැමි යුවළ අතර ඇතිව තිබෙන ආරවුලක ප්‍රතිඵලයක් ලෙස එම කාන්තාවට ප්‍රථමයෙන් පිරිමි පුද්ගලයා පහර දී ඇති අතර අනතුරුව පෙරලා එම කාන්තාව පිරිමි පුද්ගලයාට තියුණු ආයුධයකින් පහර දී තිබේන බව විමර්ශන සිදු කරන පොලිසිය ප්‍රකාශ කරයි.