ඇඹිලිපිටියේ සිට පෙම්වතුන් හමුවීමට ආ සොයුරියන් දෙදෙනා නොහිතපු ලෙස බරපතල ලිංගික අපයෝජනයට ලක්වෙලා.

Sri Lanka Police Child Rehabilitation Center Child Abuse
By Wayomi Aug 20, 2024 02:00 PM GMT
Wayomi

Wayomi

Report

දෙමව්පියනි, දියණිවරුනේ මේ ඔබේ ආරක්ෂාව සහ අවධනය යොමු විය යුතුම කාලයකි.   

ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට සිය පෙම්වතුන් හමු වීම සඳහා දෙමාපියන්ට හොරෙන් කොළඹ පැමිණි බව කියන අවුරුදු 20 ක් සහ 15ක් වයසැති සොයුරියන් දෙදෙනකු ත්‍රී රෝද රථ රියදුරෙකු අකුරණ ප්‍රදේශයට රැගෙන විත් ඔහුගේ මිතුරකුගේ නිවසේ නතර කර සිටියදී මිතුරා විසින් එම දැරියන් දෙදෙනා බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමේ පුවතක් වාර්තා වෙනවා.

මෙම සිද්ධියක් සම්බන්ධයෙන් අලවතුගොඩ පොලිසිය විමර්ශණ ආරම්භ කර ඇති අතර ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි මෙම සොයුරියන් දෙදෙනා පසුගියදා මව්පියන්ට හොරෙන් කොළඹ පැමිණ ඇත්තේ නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි බව කියන සිය පෙම්වතුන් හමු වීම සඳහායි.

හදිසියේම රු 10,000 සහනාධාරය 30,000ක් දක්වා වැඩි කෙරේ. - එය ලැබෙන්නේ මෙහෙමයි. - තවත් දෙයක් නොමිලේ.

හදිසියේම රු 10,000 සහනාධාරය 30,000ක් දක්වා වැඩි කෙරේ. - එය ලැබෙන්නේ මෙහෙමයි. - තවත් දෙයක් නොමිලේ.


කෙසේ වෙතත් කොළඹ දී ඔවුන් හමු නොවීම නිසා සවස් කාලයේදී ත්‍රී රෝද රථ රියදුරෙකුට කතා කර ගාලුමුවදොරට එක්කන් යන ලෙස ඉල්ලා තිබෙනවා.

එලෙස ගිය ත්‍රී රෝද රථ රියදුරු ගාලුමුවදොරදී මෙම දැරියන්ට කතා කර තනිවම මෙම ස්ථානයේ රැඳී සිටිය නොහැකි නිසා අකුරණ ප්‍රදේශයේ පදිංචි තම මිතුරකුගේ නිවසට ඇරලවන්නදැයි අසා ඇති බවයි වාර්තා වන්නේ.

අගෝස්තු මාසයේදී මෙරට ඉන්ධන මිලෙහි සිදු වූ වෙනස. - ඇමති කංචනගේ බුද්ධි ඒකකයේ අනාවැකියක් කළ දෙයක්.?

අගෝස්තු මාසයේදී මෙරට ඉන්ධන මිලෙහි සිදු වූ වෙනස. - ඇමති කංචනගේ බුද්ධි ඒකකයේ අනාවැකියක් කළ දෙයක්.?



කොළඹ සිට අකුරණ ප්‍රදේශයට ඇති දුර ගැන දැනීමක් නැති මෙම දැරියන් එයට කැමති වී තිබෙනවා.

එහිදී මෙම තරුණියන් දෙදෙනාව ඔහු කොළඹ සිට කිලෝ මීටර් 130ක් පමණ දුර ගෙවා අකුරණ පංගොල්ලාමඩ ප්‍රදේශයේ කුලී නිවසක පදිංචි ඔහුගේ මිතුරාගේ නිවසට කැඳවා ගෙන විත් සිය දියණියන් බව පවසා එම නිවසේ නවතා ඇති බවයි වාර්තා වෙන්නේ.

ජනවාරියේ සිට වසර 3ක් රාජ්‍ය සේවක වැටුප වැඩි වන හැටි - අඩුම වැටුප රු.55,000කට වැඩියි. වැරදි ප්‍රචාර රජය නිවැරදි කරයි.

ජනවාරියේ සිට වසර 3ක් රාජ්‍ය සේවක වැටුප වැඩි වන හැටි - අඩුම වැටුප රු.55,000කට වැඩියි. වැරදි ප්‍රචාර රජය නිවැරදි කරයි.


ඔහු නිවැසියන්ට පවසා ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පවතින නඩුවක් සඳහා පැමිණි බවත් නඩුව අවසන් වී දියණියන් එක්කන් යන බවත්ය.

මෙම නිවසේ ත්‍රී රෝද රථ රියදුරුගේ මිතුරා, ඔහුගේ බිරිඳ පුතා සහ ඔහුගේ බිරිඳ යන සිව් දෙනා සිට ඇති බවයි වාර්තා වෙන්නේ.

කෙසේ වෙතත් පසු දින මෙම තරුණියන් දෙදෙනා එක්කන් යන බව පවසා තිබුණ බැවින් මිතුරාගේ බිරිඳ, පුතා සහ ඔහුගේ බිරිඳ මවට අසනීප නිසා මව බැලීම සදහා ගොස් ඇති අතර එදින මෙම තරුණියන් දෙදෙනා සහ මිතුරා තනිවම නිවසේ රැඳී සිට තිබෙනවා.

TIN අංකය ගැන කළ විශේෂ දැනුම්දීමක්. -නැත්නම් දඩ හෝ සිර දඬුවම්. - කරන්න යන අලුත්ම වැඩේ මෙන්න.

TIN අංකය ගැන කළ විශේෂ දැනුම්දීමක්. -නැත්නම් දඩ හෝ සිර දඬුවම්. - කරන්න යන අලුත්ම වැඩේ මෙන්න.


රාත්‍රි කාලයේ තරුණියන් දෙදෙනා නිඳා සිටි කාමරයට පැමිණ ඇති මිතුරා ඔවුන් දෙදෙනාට බරපතල ලිංගික අතවර කර ඇති බවයි පැමිණිල්ලේ දැක්වෙන්නේ.

15 හැවිරිදි තරුණිය කෑ ගසා ගෙන එළියට පැමිණි බවත් අනෙක් තරුණියට ඔහු බරපතල ලිංගික අතවර කර ඇති බවත් පැමිණිල්ලේ සඳහන්.

පසුදින අළුයම තරුණියන් දෙදෙනා බස් රථයක නංවා යවා ඇති නමුත් ඒ අතරතුර ඔවුන් දෙමාපියන්ට කතා කර සිද්ධිය ප්‍රකාශ කර තිබෙනවා.

මාලිමාවෙන් රංජන්ට පාර්ලිමේන්තු වරමක්? - (VIDEO)

මාලිමාවෙන් රංජන්ට පාර්ලිමේන්තු වරමක්? - (VIDEO)


ඒ අනුව දෙමාපියන් මැදිහත් වී දියණියන් දෙදෙනා පොලීසිය වෙත ඉදිරිපත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අලවතුගොඩ පොලීසිය විමර්ශණයක් සිදුකර සැකකරු ඊයේ 19 වනදා අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

කෙසේ නමුත් ත්‍රී රෝද රථ රියදුරු ආගිය අතක් නොමැති වී ඇති බැවින් ඔහු සෙවීම සඳහාද විමර්ශණයක් ක්‍රියාත්මකයි.

ත්‍රී රෝද රථ රියදුරු සැකකරු සමඟ මිතුරු වී ඇත්තේ මත් ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටයදී වන බව හෙළි වී

ඇති බැවින් මෙම දැරියන් දෙදෙනා මත් ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදා ගත්තාද යන සැකයක් පවතින බවත් ඒ ඔස්සේද පරීක්ෂණ සිදු කරන බවත් පොලිසිය සඳහන් කරනවා.

මෙම තරුණියන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුලත් කර තිබෙන අතර අලවතුගොඩ පොලිසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.

ලක්ෂ 3ක් තෙරණිනමකට දැම්මා. - සංජීව ලෝන්ලියෙස් ගේ පිට කවරේ ගැලවෙයි. - සිංදුව ලියපු හාමුදුරුවෝ ගේම ඉල්ලයි. - (VIDEO)

ලක්ෂ 3ක් තෙරණිනමකට දැම්මා. - සංජීව ලෝන්ලියෙස් ගේ පිට කවරේ ගැලවෙයි. - සිංදුව ලියපු හාමුදුරුවෝ ගේම ඉල්ලයි. - (VIDEO)

"නාමල් ඉන්දියාව පිලිගන්නවා - රාජපක්ෂ පවුල ඉන්දියාව විසින් පිලිගන්නා දේශපාලන පවුලක්."

"නාමල් ඉන්දියාව පිලිගන්නවා - රාජපක්ෂ පවුල ඉන්දියාව විසින් පිලිගන්නා දේශපාලන පවුලක්."