මාලිමා මන්ත්‍රීට අසාධ්‍යයි - සභාව මැද සිහිසුන් වී වැටෙයි - විපක්ෂය කළු පටි පැළඳ විරෝධතාවක්

Report

ඊයේ (11) දින ප්‍රාදේශීය සභා රැස්වීම සහ සම්බන්ධීකරණ කමිටු රැස්වීම එකම දිනක යොදා ගැනීමට එරෙහිව සහ නිදහස් දින සැමරුමේදී ජනාධිපතිවරයා රණවිරුවන් හෑල්ලුවට ලක් කළ බව පවසමින්, ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් කළු පටි පැළඳ විරෝධතාවයක නිරත වී ඇත.

එහිදී සභාවේ උණුසුම් වාතාවරණයක් පැවැති අතරතුර අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු හදිසියේ සිහිසුන් වී රෝහල්ගත කිරීමත් සමඟ රැස්වීම නවතා දැමීමට සිදුවී තිබේ.

12කට මරණ දඩුවම ලැබුණා තමයි හැබැයි වෛරය වපුරපු අය ජනාධිපති ඇමති පුටුවල අපි ආවොත් ජවිපේ අල්ලනවා - සාගර කාරියවසම්

12කට මරණ දඩුවම ලැබුණා තමයි හැබැයි වෛරය වපුරපු අය ජනාධිපති ඇමති පුටුවල අපි ආවොත් ජවිපේ අල්ලනවා - සාගර කාරියවසම්

සභාපති සනත් ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සභාව ආරම්භ වන විටම විපක්ෂ මන්ත්‍රීවරුන් කළු පටි පැළඳ සභාවට පැමිණ විරෝධය පළ කර ඇත. 78 වන නිදහස් දින සැමරුමේදී ජනාධිපතිවරයා රණවිරුවන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශය විවේචනය කරමින් ඔවුහු සභාපතිවරයාට බාධා කරමින් අදහස් දැක්වූවා.

එහිදී සභාපතිවරයා විරෝධය නතර කරන ලෙස කළ ඉල්ලීම් නොතකා මන්ත්‍රීවරුන් ටික වේලාවක් සිය විරෝධය පළ කළ අතර, පසුව සභාවේ කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ විය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් මහජනතාවට දැඩි අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් මහජනතාවට දැඩි අනතුරු ඇඟවීමක්

රැස්වීම අවසන් වීමට පෙර විශේෂ ප්‍රකාශයක් කළ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී දීපාල් විතානාච්චි අවධාරණය කළේ, වත්මන් රජය රණවිරුවන් දේවත්වයෙන් සලකන බවයි.

ජනාධිපතිවරයා අසාධාරණයට ලක්වූ රණවිරුවන්ට සහන ලබා දීමට කටයුතු කර ඇති බවත්, තවදුරටත් එවැනි පිරිස් සිටී නම් ඔවුන්ට සහන සැලසීමට රජය සූදානම් බවත් ඔහු පවසා ඇත. විපක්ෂයේ නලින් ප්‍රියදර්ශන මහතා ඊට පිළිතුරු කතාව සිදු කරමින් සිටියදී, ජාතික ජන බලවේගයේ මන්ත්‍රී දීපාල් විතානාච්චි එක්වරම අසුන මත සිහිසුන්ව ඇද වැටි ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් මහජනතාවට දැඩි අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් මහජනතාවට දැඩි අනතුරු ඇඟවීමක්

වහාම ක්‍රියාත්මක වූ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් ඔහුව ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත. හිටපු නාවික හමුදා නිලධාරියෙකු ද වන විතානාච්චිගේ තත්ත්වය තවමත් යථා තත්වයට පත්ව නැතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සිදුවීමත් සමඟ සභාවේ කටයුතු එතැනින් නිමාවට පත් වූ අතර, සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් රෝහල වෙත ගොස් අසනීප වූ මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසා බලා ඇත.

සුභ ආරංචියක් - උසස් පෙළ විභාගයෙන් ඉහළ Z අගය ගත් සිසුන්ට විදෙස් අධ්‍යාපන අවස්ථා

සුභ ආරංචියක් - උසස් පෙළ විභාගයෙන් ඉහළ Z අගය ගත් සිසුන්ට විදෙස් අධ්‍යාපන අවස්ථා