හෙටත් පාසල් රැසක් වැසෙයි - හෙටින් පස්සේ?. විශේෂ දැනුම්දීමක් මෙන්න.. (UPDATE)

Galle Matara Weather Sri Lankan Schools Education
By krishani Jun 05, 2024 10:16 AM GMT
krishani

krishani

Report

UPDATE:- 

හෙට (06) දිනයේ රත්නපුර අධ්‍යාපන කලාපයේ, රත්නපුර, කුරුවිට සහ ඇහැලියගොඩ කොට්ඨාසයේ මෙන්ම, නිවිතිගල කලාපයේ ඇලපාත, අයගම කොට්ඨාසවල පාසල් නොපැවැත් වේ.

ඒ බව සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ ය.

-------------------------------------------------

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලුම පාසල් හෙට (06) ආරම්භ කරනු ලබයි.

හෙටත් පාසල් රැසක් වැසෙයි - හෙටින් පස්සේ?. විශේෂ දැනුම්දීමක් මෙන්න.. (UPDATE) | All Schools In Galle And Matara Districts

ඒ බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, දැනට ගංවතුර තර්ජනයට ලක්ව ඇති සහ අවතැන් කඳවුරු සහිත පාසල් සඳහා මෙය අදාළ නොවන බව සඳහන් වේ. 

හෙට වැසෙන පාසල් ගැන තවත් තීරණයක් - හෙටින් පස්සේ?.(UPDATE)

හෙට වැසෙන පාසල් ගැන තවත් තීරණයක් - හෙටින් පස්සේ?.(UPDATE)


මේ අතර, බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතා විසින් බස්නාහිර පළාතේ සියලුම පාසල්වල විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ ගංවතුර තත්ත්වය පහවගොස් ඇති පාසල් විවෘත කරන ලෙසටයි.

එමෙන්ම, අද (05) දිනයේ රත්නපුර අධ්‍යාපන කළාපයේ සියලුම පාසල් වසා තැබීය.

ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්න - වැහුව පාසල් විවෘත වෙයි.. හැබැයි මෙහෙමයි..

ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්න - වැහුව පාසල් විවෘත වෙයි.. හැබැයි මෙහෙමයි..


මෙම තීරණය නිවේදනයක් නිකුත් කරමින් සබරගමු පළාත් අධ්‍යාපන ලේකම්වරයා දැනුම් දී ය.

ඒ අනුව නිවිතිගල අධ්‍යාපන කළාපයේ ඇළපාත, අයගම සහ කලවාන අධ්‍යාපන කොට්ඨාශවලට අයත් සියලුම පාසල් ද අද දිනයේ වසා තැබීය.

ඒ එම ප්‍රදේශවලට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ය.