ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්න - වැහුව පාසල් විවෘත වෙයි.. හැබැයි මෙහෙමයි..
මේ වන විට දිවයිනට බලපෑ කාලගුණ තත්ත්වය මත දිවයිනේ ප්‍රදේශ රැසක පාසල් වසා තැබීමට කටයුතු කළේ ය.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතා විසින් බස්නාහිර පළාතේ සියලුම පාසල්වල විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ ගංවතුර තත්ත්වය පහවගොස් ඇති පාසල් විවෘත කරන ලෙසටයි.
මේ අතර, හෙට (05) දිනයේ රත්නපුර අධ්‍යාපන කළාපයේ සියලුම පාසල් වසා තැබෙයි.
ඒ බව සබරගමු පළාත් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළේ ය.
මෙම තීරණය නිවේදනයක් නිකුත් කරමින් සබරගමු පළාත් අධ්‍යාපන ලේකම්වරයා දැනුම් දී ය.
ඒ අනුව නිවිතිගල අධ්‍යාපන කළාපයේ ඇළපාත, අයගම සහ කලවාන අධ්‍යාපන කොට්ඨාශවලට අයත් සියලුම පාසල් ද හෙට දිනයේ වසා තැබීමට තීරණය කර තිබෙනවා.
එම ප්‍රදේශවලට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,