රටම බලන් හිටිය, සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි.. දැන්ම මෙතනින් පිවිසෙන්න..(PHOTO)
2023 (2024) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.
ප්‍රතිඵල බැලීම සඳහා පහතින් පිවිසෙන්න.
අවු, 05 කට පස්සෙ.. අගමැතිනී හරිනි පාසල් ගැන ගත්ත තීරණය ගැන.. අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක් මෙන්න..(PHOTOS)
සියලු ම විදුහල්පතිවරුන් වෙත අයදුම්පත් එවීම සඳහා දැනටමත් ලබාදී ඇති පශීලක නාමය (User Name) සහ මුරපදය (Password) භාවිත කර අදාළ පාසලේ විභාග ප්‍රතිඵල ලේඛනය බාගත කර මුද්‍රිත පිටපතක් ලබා ගැනීමට පහසුකම සලසා දී ඇත.
එමෙන්ම, සියලු ම පළාත්/ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත ද තම පළාතේ/කලාපයේ සියලු පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල බාගත කර ගැනීම සඳහා පරිශීලක නාමය සහ මුරපද ලබා දී ඇත.
මෙම ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් සිදුකිරීමට අවශ්‍ය නම් 1911 ක්ෂණික දුරකථන අංකයෙන් හෝ 011 2 785 922, 0112 786 616, 011 2 784 208 හෝ 011 2 784 537 යන අංක ඇමතීමෙන් විමසීම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.
ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම ඔක්තෝබර් මස පළමු වනදා සිට ඔක්තෝබර් මස 14 වන දින දක්වා සිදුකරන බව සඳහන් ය.
කෙසේ වෙතත්, විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් දැක් වේ,
මේ අතර, 2023 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තවත් පැය කිහිපයකින් නිකුත් කරන බව ඊයේ (28) විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
උඩු දුවපු ශිෂ්‍යත්ව විභාග ගැටලුවට මොකද වෙන්නේ?. ආයෙම තියයි ද?. අග්‍රාමාත්‍යවරියගෙන් විශේෂ ප්‍රකාශයක් මෙන්න..(VIDEO)
එම දෙපාර්තමේන්තුව පැවසුවේ, විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට අදාළ කටයුතු පවතින්නේ අවසන් අදියරේ බවයි.
හද ගැස්ම වැඩි කරමින්, නොඉවසිල්ලෙන් බලන් හිටිය විභාගයක ප්‍රතිඵල නිකුත් වෙයි.. මේ දැන් මෙතනින් පිවිසෙන්න..
සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 3,527කදී පැවැත්විණ.
මේ සඳහා අයදුම්කරුවන් හාරලක්ෂ 52,979 දෙනෙකු සුදුසුකම් ලබා තිබූ බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.