මීට පස්සේ කොළඹදි මේවා කරන්න බෑ
කොළඹ නගරයේ රථවාහන නිරීක්ෂණය කිරීමට යොදා ඇති ආරක්ෂිත කැමරා 130 කට ආසන්න ප්‍රමාණයකින් කැමරා පනහකට වැඩි සංඛ්‍යාවක් විවිධ දෝෂවලට ලක්ව ක්‍රියා විරහිත වී ඇති බව පොලිස් රථවාහන මූලස්ථානය සඳහන් කරයි.
මෙම තත්ත්වය උද්ගත වී ඇත්තේ පොලිස් සමීප රූප ආවේක්ෂණ කොට්ඨාසය මඟින් අධීක්ෂණය කරන මෙම කැමරා නිසි පරිදි නඩත්තු නොකිරීම හා නවීන කැමරා සවි නොකිරීම මත බවට පොලිස් ආරංචි මාර්ග දක්වයි.
කොළඹ රථවාහන තදබදය හා ආරක්ෂාව වෙනුවෙන් මෙම කැමරා සවිකර තිබෙන අතර රථවාහන වැරදි කරන රියැදුරන් කැමරා මඟින් හඳුනාගෙන එම වාහනවල රියැදුරන්ට නීතිමය පියවර ගැනීමේ වැඩපිළිවෙළක්ද ඉකුත් කාලයේදී සිදු වුණා.
ඒ අනුව රථවාහන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්. පී. ජේ. සේනාධීර සඳහන් කළේ මේ වන විට කොළඹ නගරයට නවීන තාක්ෂණය සහිත කැමරා පහක් සවිකර තිබෙන බවයි.
එසේම කැමරා 75 ක් හා කැමරා සහිත වෑන් රථ දෙකක් මඟින් කොළඹ නගරයේ නිරීක්ෂණ කටයුතු කරන බවත් සඳහන්.
තවද මෙම කැමරාවලට අමතරව කොළඹ නගරයට කැමරා හාරසියයක පමණ ප්‍රමාණයක් සවිකිරීමේ වැඩපිළිවෙළක්ද, මේ වන විට සිදුවෙමින් පවතින බව පවසයි.
නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ එමඟින් කොළඹ නගරයේ ආරක්ෂාව හා රථවාහන කළමනාකරණය මෙන්ම වැරැදිකරන රියැදුරන් හඳුනාගෙන නීතිමය පියවර ගැනීම ක්‍රමවත් කරන බවයි.