බුත්තල – මොනරාගල මාර්ගයේ අනතුරක්

Report

 බුත්තල - මොනරාගල ප්‍රධාන මාර්ගයේ එකොළහ කණුව ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව ඇත.

අද (10) දහවල් එම අනතුර සිදුව තිබේ.

මෙම අනතුරින් ලොරි රථයේ රියදුරු සහ සහායක බරපතළ තුවාල ලබා බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා ඇත.

තවද පොලීසිය සදහන් කළේ බස් රථයේ සිටි මගීන් කිහිපදෙනෙකු ද සුළු තුවාල ලබා ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොමැති බවයි .

මෙම අනතුර සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු බුත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදු කරයි.

තලාවේ මාරක අනතුරෙන් 20කට ආසන්න පිරිසකට තුවාල - පුද්ගලයෙකුට බරපතලයි

තලාවේ මාරක අනතුරෙන් 20කට ආසන්න පිරිසකට තුවාල - පුද්ගලයෙකුට බරපතලයි

තලාවේ බස් අනතුරින් 40කට තුවාල - උසස් පෙළ සිසුවෙක් මරුට

තලාවේ බස් අනතුරින් 40කට තුවාල - උසස් පෙළ සිසුවෙක් මරුට