දිය රකුසාට බිලිව කෙලවර වුණු විනෝද චාරිකාව

Report

අද (31) දහවල් කාලයේදී කෝකිලායි පොලිස් වසමේ නයාරු වෙරළ තීරයේ දිය නාමින් සිටි තරුණියක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ, පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියෙකි.

විනෝද චාරිකාවක් සඳහා පුදුකුඩිඉරප්පු ප්‍රදේශයේ සිට පැමිණි ඇගලුම් පාඨමාලවක් හදාරන ශිෂ්‍යාවන් හා එහි ගුරුවරිය ඇතුළු 16 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් නයාරු වෙරළ තීරයේ දිය නාමින් සිටියදී තරුණියන් දෙදෙනෙකු මුහුදට ගසාගෙන ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ ඔවුන් බේරා ගැනීමට උත්සහ කළ ගුරුවරියද ජල පහරට හසුව ගසාගෙන ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙහිදී නාවික හමුදා නිලධාරින් විසින් ගුරුවරිය හා එක් තරුණියක් බේරාගෙන ඇති අතර අනෙක් තරුණිය දියේ ගිලී අතුරුදන් වී තිබේ.

අනතුරුව පොලීසිය, නාවික හමුදා නිලධාරින් සහ ප්‍රදේශයේ ධීවර ජනතාව එක්ව සිදුකළ මෙහෙයුමකදී අතුරුදන් වු තරුණියගේ මෘත ශරීරය නයාරු නාවික හමුදා කඳවුර පිටුපස වෙරළ තීරයට ගොඩගසා තිබියදී සොයාගෙන තිබෙනවා.

බේරාගත් දෙදෙනා මේ වන විට මාචෝල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, මියගිය තරුණියගේ මෘත ශරීරය මාන්තෝල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

මේ පිළිබඳව කෝකිලායි පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

පින්තූරයක් ගන්න ගිහින් අන්තිමට නතර වුණු තැන - ඇඟ හිරිවැටෙන සිද්දිය මෙන්න

පින්තූරයක් ගන්න ගිහින් අන්තිමට නතර වුණු තැන - ඇඟ හිරිවැටෙන සිද්දිය මෙන්න

රුපියල් 5000ක් වෙන බඩු මල්ලක් රුපියල් 2500කට?? - අවුරුද්දට මෙහෙම දෙන්නේ කව්ද?

රුපියල් 5000ක් වෙන බඩු මල්ලක් රුපියල් 2500කට?? - අවුරුද්දට මෙහෙම දෙන්නේ කව්ද?