වැඩබලන අමාත්‍යවරු සිව්දෙනෙක් පත් කෙරේ

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සහභාගි වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර ඇත.

ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එවගේම ආරක්ෂක අමාත්‍යාංශය සහ මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ සඳහා වැඩබලන අමාත්‍යවරුන් තිදෙනෙක් පත්කර ඇත.

එම සංචාරයට එක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා යටතේ පවතින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහා ද එක් වැඩබලන අමාත්‍යවරයෙක් පත්කර තිබේ.

ආරක්ෂක ඇමතිගෙන් ඇග හිරි වැටෙන ප්‍රකාශයක් - දකුණේ දේශපාලකයන් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

ආරක්ෂක ඇමතිගෙන් ඇග හිරි වැටෙන ප්‍රකාශයක් - දකුණේ දේශපාලකයන් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

ඒ අනුව මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන වැඩබලන අමාත්‍යවරයා ලෙස කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පත්කර ඇත. ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ඩිජිටල් ආර්ථික වැඩබලන අමාත්‍යවරයා ලෙසත්, ආරක්ෂක වැඩබලන අමාත්‍යවරයා ලෙස ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාද, විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්‍යවරයා ලෙස විදේශ කටයුතු , විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පත් කර ඇත. 

මේවා ප්‍රසිද්ධ කරලා තියෙන්නේ දකින දකින කෙනාට පාරෙදි හම්බුනාම අහන්න නෙවෙයි, වත්කම් ගැන අහන්න එපා මං උත්තර දෙන්නෑ- හදුන්නෙත්තිට මල පනී

මේවා ප්‍රසිද්ධ කරලා තියෙන්නේ දකින දකින කෙනාට පාරෙදි හම්බුනාම අහන්න නෙවෙයි, වත්කම් ගැන අහන්න එපා මං උත්තර දෙන්නෑ- හදුන්නෙත්තිට මල පනී

අද ඉඳන් තිබ්බ EPF ගැටලු ඔක්කොම ඉවරයි, මෙන්න විශේෂ නිවේදනයක්

අද ඉඳන් තිබ්බ EPF ගැටලු ඔක්කොම ඉවරයි, මෙන්න විශේෂ නිවේදනයක්