වාද්දුව වෙරළ තීරයේ තිබී සැකකටයුතු මළ සිරුරක් සොයා ගැනේ..
ඇඳ සිටි ටී ෂර්ට් එකෙන් මුහුණ ගැටගසා ඝාතනය කර ඇති බවට සැක මළසිරුරක් වාද්දුව, පොහද්දරමුල්ල වෙරළේ තිබී හමුව ඇති බව වාද්දුව පොලීසිය වාර්තා කරයි.
මියගොස් ඇති පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර නිල් පැහැති ඩෙනිම් කලිසමකින් සහ සුදු මේස් බැමියමක් ඇඳ සිටින පුද්ගලයා වයස අවුරුදු 40 - 45ත් අතර වියේ පසුවන අයෙකු බවට පොලීසිය සැක පළ කරයි.
පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් මළ සිරුර හමුවූ ස්ථානයට පැමිණීමට නියමිතව ඇත.
මේ සම්බන්දයෙන් වාද්දුව ස්ථානාධිපති (වැඩ බලන) පොලිස් පරීක්ෂක ගයාන් කහටපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වයි.