ජුලි මස ආරම්භ වීමට පෙර රට වටෙන් මාරක රිය අනතුරු පෙලක්..

Sri Lanka Police Sri Lanka Accident Death Latest Headlines
By Piyumika Jul 01, 2024 06:15 AM GMT
Piyumika

Piyumika

Report

ඊයේ (30) දිනයේදී ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් 5 දෙනෙකුට දිවි අහිමි වී ඇත.

කුරුණෑගල - දඹුල්ල මාර්ගයේ මුත්තෙට්ටුගල මහින්ද විද්‍යාලය අසල දී කුරුණෑගල දෙස සිට දඹුල්ල දෙසට ධාවනය වූ ලොරි රථයක මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකු ගැටී අනතුරක් සිදුව ඇත.

බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 66ක් වූ මිලේනියම් සිටි, කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

15 දෙනෙකුට තුවාල සිදු කල බිහිසුනු බස් අනතුර..

15 දෙනෙකුට තුවාල සිදු කල බිහිසුනු බස් අනතුර..


මේ අතර කෑගල්ල පොලිස් වසමේ කොළඹ - මහනුවර මාර්ගයේ කුරුළුකැලේ හංදියේ දී මහනුවර සිට ගලිගමුව දෙසට ධාවනය කළ යතුරුපැදියක් බස් රථයකට ඉස්සර කිරීමට යෑමේ දී සිදුවු අනතුරෙන් පුද්ගලයෙක් මියගොස් තිබේ.

යතුරුපැදිය බසයේ ගැටී සිදු වූ අනතුරින් මියගොස් ඇත්තේ 37 හැවිරිදි මකුද්දල, හැලමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

දියවැලට හසුවූ 17හැවිරිදි සිසුවෙකු අතුරුදහන්..

දියවැලට හසුවූ 17හැවිරිදි සිසුවෙකු අතුරුදහන්..

 ඔක්කම්පිටිය පොලිස් වසමේ බෝගස් හංදිය මාර්ගයේ ඇළ හන්දියේ දී ඔක්කම්පිටිය දෙස සිට බෝගස් හංදිය දෙසට ධාවනය කළ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටී ඇත.

අනතුරින් යතුරුපැදිකරු හා පසුපැදිකරු රෝහල්ගත කිරීමෙන් අනතුරුව අවුරුදු 26 ක් වූ තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

රත්මලානේ ප්‍රසිද්ධ "බුරියා" අත්අඩංගුවට ..

රත්මලානේ ප්‍රසිද්ධ "බුරියා" අත්අඩංගුවට ..

මේ අතර උඩපුස්සැල්ලාව නිල්දණ්ඩාහින්න මාර්ගයේ රොක්ලන්ඩ් වත්ත ප්‍රදේශයේ දී ලංගම බස්රථයක් ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබුණි.

අනතුරින් 42 හැවිරිදි යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනියම් බිරිඳගේ ජිවන වියදම් අනියම් විදිහට හොයපු කඩුවෙල මුතූ ..

අනියම් බිරිඳගේ ජිවන වියදම් අනියම් විදිහට හොයපු කඩුවෙල මුතූ ..


එසේම කරුවලගස්වැව පොලිස් වසමේ පුත්තලම - ත්‍රිකුණාමලය මාර්ගයේ සායි ලංකා වත්ත ප්‍රදේශයේ දී පුත්තලමේ සිට අනුරාධපුරය දෙසට ධාවනය කළ වෑන් රථයක් ඉදිරියෙන් පැමිණි ත්‍රීරෝද රථයක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරින්ද බරපතළ තුවාල ලැබු ත්‍රීරෝද රථ රියදුරු වූ 54 හැවිරිදි පුද්ගලයෙක් රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ .