15 දෙනෙකුට තුවාල සිදු කල බිහිසුනු බස් අනතුර..
By Piyumika
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙනිය ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.
එම අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකෙු තුවාල ලබා ඇති අතර තුවාලකරුවන් වතුපිටිවල සහ වරකාපොළ රෝහල් වලට ප්‍රතිකාර සඳහා ඇතුලක් කර ඇති බව පොලීසිය පැවසීය .
අනතුර හේතුවෙන් නුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්ද හටගෙන ඇති අතර මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ පානදුර සිට මහනුවර බලා ගමන් ගත් ලංගම බස් රථයක් සහ ගලෙන්බිදුණුවැව සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයකි.