රත්මලානේ ප්‍රසිද්ධ "බුරියා" අත්අඩංගුවට ..
By Piyumika
නිවාස බිඳින්නකු රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙන බවට ගල්කිස්ස පොලිසිය වාර්තා කර තිබේ .
"රත්මලානේ බුරියා" නැමැති මොහු ලක්ෂ 20ක් පමණ වටිනා ස්වර්ණාභරණ සොරාගෙන ඇති බවයි පැවසෙනුයේ.
එම භාණඩ අතර පවුම් 11 1/2 ක් බර රන් තැල්ලක්, මාලයක්, වළලු දෙකක් හා මුදුවක් වන අතර ගල්කිස්ස පොලීසිය පැවසුවේ මේ සොරකම මීට දින පහකට පමණ පෙර සිදුකර ඇති බවයි.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මීට ඉහත කළ සොරකම් ගණනාවක් සම්බන්ධයෙන්ද සැකකරු තොරතුරු හෙළිකර ඇත.
ප‍්‍රශ්න කිරීමෙන් හමුවේ මොහු විසින් සොරා ගත් රන් මුදුවක් රත්මලානේ පෞද්ගලික උකස් මධ්‍යස්ථානයකට රුපියල් 90,000 උකස්කර තිබියදී සොයාගැනීමට හැකි විය.
සැකකරු ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.