දියවැලට හසුවූ 17හැවිරිදි සිසුවෙකු අතුරුදහන්..
By Piyumika
ඊයේ (30) සවස ගල්කිස්ස වෙරළ තීරයේ දියනාමින් සිටි පුද්ගලයින් කිහිපදෙනෙකු අතරින් තිදෙනෙකු දියවැලකට හසු වී ගසාගෙන ගොස් ඇති අතර එම අවස්ථාවේ දී ජීවිතාරක්ෂක රාජකාරියේ යෙදී සිටි නාවික හමුදා වෙරළ ආරක්ෂක නිලධාරීන් හට දෙදෙනෙකුව බේරාගෙන ගැනීමට හැකි වී තිබේ.
නමුත් එක් අයෙකු දියේ ගිලි අතුරුදන් වී ඇති අතර අතුරුදන් වී ඇත්තේ 17 හැවිරිදි අබේසේකර මාවත, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අතුරුදන් වු සිසුවා සොයා මේ වන විට මෙහෙයුමක් දියත් කර ඇති අතර ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි .