කුරුණෑගල විශාල ගින්නක් [VIDEO]
By Kaushi
අද (03) දින කුරුණෑගල - කොළඹ ප්රධාන මාර්ගයේ පිහිටි ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව අද පස්වරුවේ මෙසේ ගිනි හට ගෙන ඇත්තේ වැහැර ප්රදේශයේදී බව සඳහන්.
එම ප්රදේශයේ තිබූ ස්ටිකර් වෙළෙඳ සැලක ගින්න හටගෙන ඇති බව කුරුණෑගල පොලිසියෙන් පවසා ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදු නොවුණත් විශාල දේපොළ හානියක් සිදු ව තිබෙනවා.
එමෙන්ම ගින්න පැතිර යාම දැනටම නවතා ඇති බවත් සඳහන්.
ගින්න නිවීමට ගිනි නිවීමේ රථ ද පැමිණ සහාය දැක්වූ බව කුරුණෑගල පොලිසිය සඳහන් කරයි.