භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීමේ අයිතිය තියෙන්නේ සංඝ සභාවට විතරයි- කොටපිටියේ රාහුල හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්

Report

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විනය පිටකයට අනුව පාරාජිකා වී ඇති භික්ෂුවක් බවට හෝ සිවුර ඉවත් කිරීමට තරම් බරපතළ විනය විරෝධී ක්‍රියාවක් සිදුකර ඇති බවට තම සංඝ සභාව වෙත කිසිදු වාර්තාවක් ලැබී නොමැති බව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ අනුනායක, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ පවසති.

ඥානසාර හිමියන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වා සිවුර ඉවත් කිරීම හෝ සිවුර තබාගෙන කටයුතු කිරීමට අවසර ලබාදීම ශාසනික වශයෙන් උන්වහන්සේ අයත් සංඝ සභාවේ වගකීමක් බව උන්වහන්සේ පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කරමින් කොටපිටියේ රාහුල හිමියන් ඉල්ලා ඇත්තේ, ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් නොකර, උන්වහන්සේට සිවුරෙන්ම පෙනී සිටීමට අවස්ථාව සලසා දෙන ලෙසයි.

අධිකරණය විසින් ලබාදී ඇති තීන්දුවට හෝ අධිකරණයේ උත්තරීතරභාවයට කිසිදු විරෝධයක් නොදක්වන බවද උන්වහන්සේ සඳහන් කරති. කෙසේ වෙතත්, බන්ධනාගාරය තුළදී ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා පිළිබඳව තම අවධානය යොමුව ඇති බවද ලිපියෙන් පෙන්වා දී තිබේ.

භික්ෂුවකට සිවුර පෙරවීම හෝ සිවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් පූර්ණ ශාසනික අයිතිය ඇත්තේ අදාළ භික්ෂුවට සහ උන්වහන්සේ අයත් මහා සංඝ සභාවට පමණක් බවද කොටපිටියේ රාහුල හිමියෝ අවධාරණය කර ඇත.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ මෙතෙක් තහවුරු වී ඇති ශාසනික ක්‍රමවේදයට අනුව එවැනි කටයුත්තක් අදාළ නිකායේ හෝ මහා සංඝ සභාවේ මහානායක මාහිමිපාණන් වහන්සේගේ අනුමැතිය මත සිදුවිය යුතු ශාසනික කාර්යයක් බවයි තවද ශාසනික නීතිය හා මෙතෙක් පවත්වාගෙන එන සම්ප්‍රදාය අනුව ඥානසාර හිමියන්ට සිවුර පෙරවා සිටීමට සහ බන්ධනාගාරයෙන් පිටතට රැගෙන එන සෑම අවස්ථාවකදීම භික්ෂුවකට නියමිත සිවුරෙන් පෙනී සිටීමට අවස්ථාව ලබාදිය යුතු බවද ලිපියෙන් ප්‍රකාශ කර තිබේ.;

කොටපිටියේ රාහුල හිමියෝ අවධාරණය කර තිබෙනුයේ එම සාම්ප්‍රදායික ශාසනික හා ආධ්‍යාත්මික ක්‍රමවේද නොසලකා හැරීම ශාසනය සම්බන්ධයෙන් වැරදි පූර්වාදර්ශයක් ඇති කළ හැකි බවයි

සුදු පාට ගිහිඇඳුමින් ඥානසාර හිමි අධිකරණයට - මෙන්න විස්තරේ

සුදු පාට ගිහිඇඳුමින් ඥානසාර හිමි අධිකරණයට - මෙන්න විස්තරේ

'ක්‍රිෂ්' ගනුදෙනුවේ නඩුවට නාමල් රාජපක්ෂ යළිත් අධිකරණයට

'ක්‍රිෂ්' ගනුදෙනුවේ නඩුවට නාමල් රාජපක්ෂ යළිත් අධිකරණයට


Gallery