2015ට පසු ලබා ගත් පළමූ ජයග්‍රහණයේ සතුට..

Cricket Sri Lanka Cricket Sri Lanka New Zealand Cricket Team Sports
By Piyumika Nov 14, 2024 02:11 AM GMT
Piyumika

Piyumika

Report

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරගාවලියේ පළමු තරගය ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 45කින් ජය ගනිමින් තරග 3කින් යුත් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (13 වැනිද) සමත් විය.

රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම වර්ෂාව හේතුවෙන් පන්දුවාර 49.2කට සීමා වුණු සිය ඉනිම අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 324ක් රැස් කිරීමට සමත්ව විය.

වර්ෂාව හේතුවෙන් ප්‍රමාද වී ඉනිම ඇරැඹූ නවසීලන්තයට ජයග්‍රහණය සඳහා පන්දුවාර 27කදී ලකුණු 221ක ඉලක්කය හිමි වූ නමුත් ඔවුනට කඩුලු 9ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 175ක් පමණි.

දිවයින පුරා ප්‍රදේශ රැසකට තද වැසි.. ඡන්දෙ දාන්න යනකොට කුඩයක් අරන් යන්න අමතක කරන්න එපා...

දිවයින පුරා ප්‍රදේශ රැසකට තද වැසි.. ඡන්දෙ දාන්න යනකොට කුඩයක් අරන් යන්න අමතක කරන්න එපා...

මෙය ශ්‍රී ලංකා කණ්ඩායම 2015ට පසු එක්දින පිටියේ නවසීලන්තය හමුවේ ලැබූ පළමු ජය වීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා කණ්ඩායම ආබාධයකට ලක් වූ වනිඳු හසරංග වෙනුවට ජෙෆ්‍රි වැන්ඩර්සේ කණ්ඩායමට කැඳවා තිබුණු අතර මිචෙල් හේ, නේතන් ස්මිත් සහ ටිම් රොබින්සන් නවසීලන්තය වෙනුවෙන් එක්දින වරම් දිනා ගැනීමට ඊයේ සමත් විය.

ආරම්භයේදීම දීම ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් සුළු ප්‍රමාදයකින් පසුව ඇරඹුණු ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 12ක් ලබා සිටි පැතුම් නිස්සංක දැවී ගියේය. අනතුරුව අවිශ්ක ප්‍රනාන්දු සමගින් පිටියේ එක් වූ කුසල් මෙන්ඩිස් නවසීලන්ත පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කළේ ශ්‍රී ලංකා ඉනිම ප්‍රභල තත්ත්වයකට ඔසවා තබමිනි.

මෙහිදී කුසල් මෙන්ඩිස් සහ අවිශ්ක ප්‍රනාන්දු දෙදෙනාම සිය සිව්වැනි එක්දින ශතකයන් රැස් කිරීමට සමත් වූ අතර එය ඔවුන් දෙදෙනාගේම නවසීලන්තයට එරෙහි පළමු ශතකය වීම විශේෂත්වයකි.

ඡන්ද විමසීම ආරම්භ වෙයි..

ඡන්ද විමසීම ආරම්භ වෙයි..

අවිශ්ක ශතකය සම්පූර්ණ කිරීමත් සමඟම දැවී ගිය අතර ඒ වන විට දෙවැනි කඩුල්ලට ලකුණු 206ක සබඳතාවක් ගොඩ නගා තිබුණේ නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍ර්‍රීඩකයින් දෙදෙනකු ඔනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැගූ හොඳම සබඳතාවේ වාර්තාව අලුත් කරමිනි.

පන්දු 115කදී වාර්තා වූ අවිශ්කගේ ඉනිමට හතරේ පහර 9ක් හා හයේ පහර 2ක් ඇතුළත් වූ අතර අනතුරුව ලකුණු රැස් කිරීම වේගවත් කළ කුසල් මෙන්ඩිස් සිය හොඳම එක්දින ඉනිම ක්‍රීඩා කරමින් පන්දු 128කදී ලකුණු 143ක් රැස් කළේය. එම ඉනිම හතරේ පහර 17ක් හා හයේ පහර 2කින් වර්ණවත් විය.

මෙහිදී නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා පිතිකරුවකු දියත් කළ හොඳම ඉනිමේ වාර්තාව තමන් සතු කර ගැනීමට කුසල් මෙන්ඩිස් සමත් විය. ඉනිමේ අවසන් භාගයේ වේගවත් ලකුණු රැස් කිරීමක නිරත වූ නායක චරිත් අසලංක පන්දු 28කදී ලකුනු 40ක් රැස් කළේය. පන්දු යැවීමේදී ජේකොබ් ඩෆීගේ කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

නවක මන්ත්‍රින් ලියාපදිංචි කරන්නේ මෙන්න මෙහෙමයි..

නවක මන්ත්‍රින් ලියාපදිංචි කරන්නේ මෙන්න මෙහෙමයි..

නවසීලන්ත ඉනිමට සුපිරි ආරම්භයක් ලබාදුන් විල්‍ යංග් සහ ටිම් රොබින්සන් ආරම්භක පිතිකරු යුගලය වේගවත් ලකුණු 88ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් වූයේ තරගය නවසීලන්තය දෙසට නතු කරගනිමිනි.

මෙන්ඩිස්ගේ ස්ටම්ප් කිරීමක සහයෙන් ලකුණු 35ක් ලබාගත් රොබින්සන් දවා ගනිමින් එම සබඳතාව 14වැනි පන්දුවාරයේදී නිම කිරීමට මහීෂ් තීක්ෂණ සමත් වූ අතර එම පන්දුවාරයේදීම ලකුණු 48ක් රැස් කරසිටි විල් දැවී ගියේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට තරගයට පිවිසීමට ඉඩ සලසමිනි.

ඉල්ලු හාදුව නොදුන් නිසා කරපු අපරාධයක තරම..

ඉල්ලු හාදුව නොදුන් නිසා කරපු අපරාධයක තරම..

අනතුරුව ඉක්මනින් ක්‍රියාත්මක වූ අසලංක කඩුලු 2ක් හා වැන්ඩර්සේ කඩුල්ලක් දවා ගැනීමත් සමඟ ලකුණු 110ක් වන විට නවසීලන්ත ඉනිමේ කඩුලු 5ක් බිඳ වැටුණි. එතැන් පටන් තරගයේ පාලනය ශ්‍රී ලංකාව සතු වූ අතර කණ්ඩායමේ සාර්ථක පන්දු රැකීම සහ ඉනිමේ අවසන් කොටසේදී දිල්ශාන් මදුෂංක 3ක් දවා ගැනීමත් සමඟ තරගය ජය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ වීරයා සම්මානය කුසල් මෙන්ඩිස්ට හිමි විය.

ReeCha