නවක මන්ත්‍රින් ලියාපදිංචි කරන්නේ මෙන්න මෙහෙමයි..

Report

මෙවර ද නවක මන්ත්‍රිවරුන් මාර්ගගත ක්‍රමයට පමණක් ලියාපදිංචි කිරීමට පාර්ලිමේන්තුව තීරණය කර තිබේ. මෙලෙස ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කෙරෙන්නේ මැතිවරණ කොමිෂන් සභාව විසින් නවක මන්ත්‍රිවරුන්ගේ ලේඛනය ගැසට් කරනු ලැබීමෙන් පසුව ය.

එම ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් අනතුරුව සියලු මන්ත්‍රිවරුන්ට එක් වරක් භාවිත කළ හැකි රහස්‍ය අංකයක් ( OTP ) කෙටි පණිවුඩයක් මගින් පාර්ලිමේන්තුවෙන් යැවෙන අතර මන්ත්‍රිවරු ලියාපදිංචි විය යුතු වන්නේ එම රහස්‍ය අංකය ඇතුළත් කරමිනි.

දිවයින පුරා ප්‍රදේශ රැසකට තද වැසි.. ඡන්දෙ දාන්න යනකොට කුඩයක් අරන් යන්න අමතක කරන්න එපා...

දිවයින පුරා ප්‍රදේශ රැසකට තද වැසි.. ඡන්දෙ දාන්න යනකොට කුඩයක් අරන් යන්න අමතක කරන්න එපා...

එලෙස ලියාපදිංචි වන මන්ත්‍රිවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයට පෙර දින දෙකේ (19 සහ 20) පාර්ලිමේන්තු පරිශ්‍රයේ තොරතුරු කවුළුවක් විවෘත කෙරේ.

ස්ථාවර නියෝග ඇතුළු අණපනත් මෙන්ම පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් දැනුවත් විය හැකි තොරතුරු එම කවුළුවෙන් මන්ත්‍රිවරුන්ට ලබා ගත හැකි වෙයි. පෙරවරු 9.30 සිට සවස 3.30 දක්වා මෙම තොරතුරු කවුළුව විවෘතව පවතී.

එමෙන් ම එම දින දෙකේදී සියලු මන්ත්‍රිවරුන්ගේ ඇඟිලි සලකුණු හා ඡායාරූප ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කෙරේ.

අද ඡන්දෙ දාන්න යන හැමෝම මේ ගැන අවධානයෙන් යන්න..

අද ඡන්දෙ දාන්න යන හැමෝම මේ ගැන අවධානයෙන් යන්න..

ඇඟිලි සලකුණු ලබා ගැනෙන්නේ සභා ගර්භයේ ක්‍රියාත්මත විද්‍යුත් ඡන්ද විමසීමේ ක්‍රියාවලිය වෙනුවෙනි.

මාර්ගගත ක්‍රමයට මන්ත්‍රිවරුන් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය ආරම්භ කරන ලද්දේ කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය 2020 වසරේ සිට ය.

එම පද්ධතියම මෙවරත් ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග කීවේය.