තවත් තරගයක් ඉතිරිව තිබියදීම.. ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අමිහිරිම අත්දැකීමකට මුහුණ දෙයි..
අද (18) අයර්ලන්ත කාන්තා කණ්ඩායම හමුවේ දෙවැනි එක්දින තරගයෙන්ද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත් විය.
ඒ ලකුණු 15ක පරාජයක් ය.
හර්ෂිතා සමරවික්‍රම ඉවසිලිවන්තව ගොඩනැගූ ශතකයේ වටිනාකම අපතේ යැවූ පසුපෙළ පිතිකාරිනියන්ගේ දුර්වල ක්‍රීඩා විලාශය නිසා ඔවුන් පරාජයට පත් විය.
ඒ අනුව තරග 03කින් යුත් තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජයගැනීමට අයර්ලන්ත කාන්තා කණ්ඩායමට හැකි විය.
බෙල්ෆාස්ට්හි දී පැවති මෙම තරගයේ අයර්ලන්තයෙන් හිමි වූ ලකුණු 256ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පන්දුවාර 48කට සියලු දෙනා දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 240ක් පමණක් ය.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් හර්ෂිතා සමරවික්‍රම අගනා ලකුණු 105ක් හා කවීෂා දිල්හාරි ලකුණු 53ක් රැස් කළේ ය.
ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු දෙක ලකුණු 46ක් තුළ බිඳවැටුණද, තෙවැනි කඩුල්ලට හර්ෂිතා හා කවීෂා ලකුණු 126ක සබඳතාවක් ගොඩගමින් ගිලිහී යමින් තිබූ තරගය නැවත ශ්‍රී ලංකාව දෙසට හැර වීය.
එමෙන්ම, ඇගේ දැවී යාමෙන් පසු ඉනිමට තවත් ලකුණු 30ක් එක්වද්දී ඉතිරි කඩුලු පහම දවාගැනීමට අයර්ලන්තයට හැකි විය.
ඉන් කඩුලු 04ක්ම බිඳ වැටුණේ ලකුණු 04ක් තුළ දී වීම විශේෂත්වයක් වේ.
අවසන් කඩුල්ලට උදේෂිකා ප්‍රබෝධනී හා නිලක්ෂි සිල්වා ලකුණු 26ක සබඳතාවක් පැවැත් විය.

ඔබ බැංකු කාඩ්පත් භාවිතා කරන කෙනෙක් ද?. එහෙමත් නැද්ද?. මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)
එමෙන්ම, ජයග්‍රහණයට ලකුණු 16ක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පිතිකාරිනිය වූ උදේෂිකා දැවී ගියේ ය.
