ඔබ බැංකු කාඩ්පත් භාවිතා කරන කෙනෙක් ද?. එහෙමත් නැද්ද?. මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)
මහජන බැංකුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ මූල්‍ය වංචා හානිය සම්බන්ධයෙන් ය.
එය අවම කර ගැනීම සඳහා අදම ඔබගේ මහජන බැංකුව අමතා කාඩ්පත්වලට අමතරව බැංකු ගිණුම් හරහා සිදුවන ගණුදෙනු වලට ද SMS ඇලර්ට්ස් සේවාව සක්‍රීය කරගන්නා ලෙස දැනුම්දී තිබෙනවා.
ඔබ දැනටමත් එම සේවාව සක්‍රීය කොට ඇත්නම්, බැංකුව විසින් ඔබේ ජංගම දුරකථනයට එවනු ලබන ගනුදෙනු පිළිබඳ කෙටි පණිවුඩ ගැන අවධානයෙන් සිටින මෙන් ඔවුන් පැවසීය.
එමෙන්ම, ඔබ විසින් සිදු නොකළ ගනුදෙනුවක් පිළිබඳ කෙටි පණිවිඩයක් ලදහොත් වහාම ඔබේ බැංකුව අමතා අදාල කාඩ්පත හෝ ගිණුම අක්‍රීය කරන ලෙස මහජන බැංකුව සිය ගණුදෙනුකාරභවතුන්ගෙන් ඉල්ලා සිටියි.
කෙසේ වෙතත්, එය ඔබ සතු වගකීමක් වන අතර එමඟින් ඔබට සිදුවිය හැකි මූල්‍යමය හානියද අවම කර ගත හැකිය.
එම නිවේදනය පහතින්,
