ජලාශ 8ක් වාන් දමයි - වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අලුත්ම දැනුම්දීම මෙන්න

Report

ප්‍රධාන ජලාශ හයක් සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ දෙකක් මේ වනවිට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ජලාශවල ජල මට්ටම් පිළිබඳව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ මේ බව සඳහන් වේ.

ඒ අනුව අඹේවෙල, කන්දේ ඇළ, යාන් ඔය, රාජංගනය, දැදුරු ඔය සහ වාන් ඇළ යන ප්‍රධාන ජලාශ වාන් දමන අතර, බෝමුරඇල්ල සහ දෙනගම වැව යන මධ්‍යම ප්‍රමාණයේ ජලාශ ද වාන් දමමින් පවතී.

රාජංගනය ජලාශයේ වාන් දොරටු හයක් විවෘත කර තිබේ. ඉන් වාන් දොරටු දෙකක් අඩි පහ බැගින් ද, තවත් දොරටු දෙකක් අඩි හතර බැගින් ද, ඉතිරි දොරටු දෙක අඩි දෙක බැගින් ද විවෘත කර ඇති බව වාර්තාවේ දැක්වේ.

එම ජලාශයෙන් කලා ඔයට තත්පරයට ඝන අඩි 5,365ක ජල ප්‍රමාණයක් මුදාහැරෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ අතර, දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් විවෘත කර ඇති අතර, එමගින් දැදුරු ඔයට තත්පරයට ඝන අඩි 2,800ක ජල ප්‍රමාණයක් මුදාහැරෙයි.

පරිසරය රැකගන්න රජය කළ දේ හරිනි හෙළි කරයි - “ජාතික පාරිසරික සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්න අපිට පුළුවන් වුණා”

පරිසරය රැකගන්න රජය කළ දේ හරිනි හෙළි කරයි - “ජාතික පාරිසරික සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්න අපිට පුළුවන් වුණා”

සෞදියේදී මරණ දඬුවම නියම අනෝජන් වෙනුවෙන් සනත් ජයසූරිය ඉදිරියට- සෞදි රජයෙන් කළ හදිසි ඉල්ලීම මෙන්න

සෞදියේදී මරණ දඬුවම නියම අනෝජන් වෙනුවෙන් සනත් ජයසූරිය ඉදිරියට- සෞදි රජයෙන් කළ හදිසි ඉල්ලීම මෙන්න