පරිසරය රැකගන්න රජය කළ දේ හරිනි හෙළි කරයි - “ජාතික පාරිසරික සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්න අපිට පුළුවන් වුණා”
පරිසර සංරක්ෂණය වචනවලට පමණක් සීමා නොකරමින්, ඒ වෙනුවෙන් ප්‍රායෝගික තීන්දු තීරණ රැසක් ගෙන ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
වසර 25කට පසු ජාතික පාරිසරික සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට වත්මන් රජයට හැකි වූ බව ද ඇය සඳහන් කළාය.
ඒ හරහා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී සිදුවිය හැකි පාරිසරික බලපෑම් ඇගයීමේ ක්‍රියාවලිය තවදුරටත් දැඩි කිරීමට කටයුතු කළ බව ද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.
ඇය මේ බව සඳහන් කළේ ඔක්තෝබර් 10 වැනිදා දකුණු ආසියාවේ විශාලතම රෝස තිරුවාණා පර්වත පද්ධතිය සහ විශාලතම නා වනය පිහිටි ජාතික නාමල් උයනේ පැවති 36 වැනි සංවත්සර උත්සවය අමතමිනි.
එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් මෙසේ පැවසුවාය.
“අපේ ආණ්ඩුව, පරිසර සංරක්ෂණය කියන දේ වචනයකට විතරක් සීමා කළේ නැහැ. ප්‍රායෝගික තීන්දු තීරණ ගණනාවක්ම අරන් තියෙනවා. වසර 25කට පස්සේ ජාතික පාරිසරික සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්න අපිට පුළුවන් වුණා. ඒ හරහා සංවර්ධන ව්‍යාපෘතිවලදී සිදුවන පාරිසරික බලපෑම් ඇගයීම අපි තවත් දැඩිව සිදු කරන්න කටයුතු කළා.”