එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ 5000 වැනි සන්ධිස්ථානය සනිටුහන් වෙයි

By Malith Madushan Aug 08, 2026 10:40 AM GMT
Report

එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මෙතෙක් පැවැති එක්දින ජාත්‍යන්තර තරග සංඛ්‍යාව ඊයේ (7) 5000 සීමාව පසු කළේය. මෙම ඓතිහාසික 5000 වැනි එක්දින තරගය ස්කොට්ලන්තය සහ කැනඩාව අතර ස්කොට්ලන්තයේදී පැවැති අතර, තියුණු තරගයකින් ලකුණු 9ක ජයක් හිමිකර ගැනීමට සත්කාරක ස්කොට්ලන්ත කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය කඩුලු 9ක් දැවී ලකුණු 282ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය කැනඩා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 273ක් පමණි.

ඉන්දියා - ශ්‍රී ලංකා පුහුණු තරගයේ දෙවන දිනයට වර්ෂාවෙන් බාධා - තරගය නතර කරන විට විස්තරය මෙන්න

ඉන්දියා - ශ්‍රී ලංකා පුහුණු තරගයේ දෙවන දිනයට වර්ෂාවෙන් බාධා - තරගය නතර කරන විට විස්තරය මෙන්න

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පළමු එක්දින ජාත්‍යන්තර තරගය 1971 ජනවාරි 5 වැනිදා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැති එම තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත් විය.

එතැන් සිට වසර 55කට ආසන්න කාලයක් තුළ එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්ත ගමනක් සනිටුහන් වී ඇති අතර, මේ වන විට වැඩිම එක්දින තරග සංඛ්‍යාවකට ක්‍රීඩා කර ඇති කණ්ඩායම බවට ඉන්දියාව පත්ව තිබේ.

1974 සිට 2026 දක්වා කාලය තුළ ඉන්දියාව එක්දින තරග 1,081කට සහභාගි වී ඇති අතර, ඉන් තරග 575ක ජය හිමිකරගෙන තරග 452කදී පරාජයට පත්ව තිබේ. එක්දින තරග 1,000 සීමාව පසුකර ඇති අනෙකුත් කණ්ඩායම් ලෙස ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානය සඳහන් කළ හැකිය.

ඔස්ට්‍රේලියාව මේ වන විට එක්දින තරග 1,025කටත්, පාකිස්තානය තරග 1,002කටත් ක්‍රීඩා කර තිබේ. 1975 වසරේ සිට එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැඳී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට එක්දින තරග 945කට සහභාගි වී තිබේ. ඉන් තරග 436ක ජය ශ්‍රී ලංකාව සතුකරගෙන ඇති අතර, තරග 481කදී පරාජයට පත්ව තිබේ. මේ අනුව, 1971දී ආරම්භ වූ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසය තවත් වැදගත් සන්ධිස්ථානයක් පසුකරමින් තරග 5000 සීමාවට ළඟා වී තිබේ.

පැතුම්ට සහ කුසල්ට ඉන්දීය ටෙස්ට් තරගාවලියට සහභාගී නොවෙයි

පැතුම්ට සහ කුසල්ට ඉන්දීය ටෙස්ට් තරගාවලියට සහභාගී නොවෙයි

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න