බාධක මැද 2026 IPL තරගාවලියේ ආරම්භක දිනය ගැන නිවේදනය කරයි
2026 IPL ක්රිකට් තරගාවලිය මාර්තු 28 වන දින ආරම්භ වන බව ඉන්දීය ක්රිකට් ආයතනය අද (27) දින නිවේදනය කර ඇත.
ලබන මාර්තු මාසයේ ඇසෑම්, තමිල්නාඩු සහ බටහිර බෙංගාලයේ පැවැත්වීමට නියමිත ප්රාන්ත මැතිවරණය නිසා තරගාවලියේ ආරම්භක හා අවසාන දිනය මෙතෙක් ස්ථිර වී නොතිබුණි.
එබැවින් ඉන්දීය ක්රිකට් ආයතනය මුලින් සැලසුම්කර තිබූ මාර්තු 26 දිනට දින දෙකකට පසුව මෙසේ තරගාවලිය ආරම්භ කිරීමට තීරණය කර ඇත.
එසේම අවසන් මහා තරගය මැයි 31 වන දින පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා.
කෙසේ වුවද ඇසෑම්, බටහිර බෙංගාලය සහ තමිල්නාඩු ප්රාන්තවල මැතිවරණ වෙනුවෙන් දිනයන් තවමත් ප්රකාශයට පත් කර නොමැති බැවින් අවසන් තරග කාලසටහන සැකසීමට IPL පාලක මණ්ඩලය එළඹෙන සතියේ රැස්වන බව සඳහන්.
කෙසේ වෙතත් 2008 වසරේ IPL තරගාවලිය ආරම්භ වූ දා සිට අවස්ථා කිහිපයදීම එරට මැතිවරණ නිසා තරග සැලැස්මට බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ.