මේ ලග්න හිමියන්ට අද ඉතා පරිස්සම් වෙන්න - අද සුබ අසුබ ගෙනෙන ලග්න ගැන සම්පූර්ණ පලාපලය මෙන්න
මේෂ - ඉතා ශුභයි
ලග්නයෙන් එකොළොස්වැන්නේ සඳු ගෝචරය වන අද දින, වැඩිමහල් සහෝදරයන්ගෙන්, පවුලේ වැඩිහිටියන්ගෙන් සහ අත්දැකීම් බහුල පුද්ගලයින්ගෙන් මූල්‍යමය හෝ වටිනා උපදේශාත්මක සහයක් ලැබේ. තම දරුවන්ගේ අධ්‍යාපනික සහ බාහිර ජයග්‍රහණ දැක සතුටු වීමට සහ ආඩම්බර වීමට දෙමාපියන්ට අවස්ථාව ලැබේ.
වෘෂභ - ශුභයි
ලග්නයෙන් දහවැන්නේ සඳු ගෝචරය වන අද දින, යම් යම් බාධාවන් නිසා අතරමග නවතා දමා තිබූ හෝ අඩාල වී තිබූ වැදගත් කටයුත්තක් නැවත ආරම්භ කර සාර්ථකව නිම කර ගැනීමට අද දින හැකියාව ලැබේ. ඔබගේ සැඟවී තිබූ නායකත්ව ලක්ෂණ සහ කළමනාකරණ හැකියාවන් මනාව ඉස්මතු වන දිනයකි.
මිථුන - මිශ්‍රයි
ලග්නයෙන් නවවැන්නේ සඳු ගෝචරය වන අද දින, ආගමික නායකයින්ගෙන්, ගුරුවරුන්ගෙන් හෝ පවුලේ වැඩිහිටියන්ගෙන් ඔබගේ අනාගත දියුණුවට අවශ්‍ය වටිනා උපදෙස් ලැබේ. පුණ්‍ය ආයතන වලට හෝ සමාජ සත්කාරක කටයුතු සඳහා තමාගේ ධනය හා ශ්‍රමය ස්වෙච්ඡාවෙන්ම වැය කිරීමට ඔබ පෙළඹෙනු ඇත.
කටක - ඉතා ප්‍රවේශම් වන්න
ලග්නයෙන් අටවැන්නේ සඳු ගෝචරය වන අද දින, සේවා ස්ථානයේ ඉහළ නිලධාරීන්ගේ දැඩි දෝෂාරෝපණ වලට ලක්වීමට හෝ රැකියාවේ ගැටළු මතුවීමට ඉඩ ඇත. තමාගේ පාඩුවේ නිශ්ශබ්දව රාජකාරි කිරීම වඩාත් සුදුසුය. රැකියා ස්ථානයේ කිසිදු අලුත් වෙනසක් කිරීමට අද දවස කිසිසේත්ම සුබ නැත.
සිංහ - ශුභයි
ලග්නයෙන් හත්වැන්නේ සඳු ගෝචරය වන අද දින, නිවසේ දෛනික රාජකාරි වලට අමතරව වෙනත් බාහිර සමාජීය හෝ සමිති සමාගම් කටයුතු සඳහා ද කාලය මිඩංගු කිරීමට ඔබට සිදුවනු ඇත. එය තරමක් වෙහෙසකර විය හැකි වුවත්, ඉන් සමාජයේ යහපත් පිළිගැනීමක් සහ මානසික තෘප්තියක් ඔබට අත්වේ.
කන්‍යා - ඉතා ශුභයි
ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින, සුරතල් සතුන් ඇති කිරීමට හෝ ඔවුන්ගෙන් සතුටක් හා මානසික සහනයක් ලැබීමට අද දිනයේදී වැඩි ඉඩ කඩක් ලැබේ. එමෙන්ම ඔබ සපයන සේවාවන් අගය කරමින් සේවා දායකයින්ගෙන් ඔබට විශේෂ ගෞරවයක් සහ ඇගයීමක් හිමිවනු ඇත.
තුලා - මිශ්‍රයි
ලග්නයෙන් පස්වැන්නේ සඳු ගෝචරය වන අද දින, කලා ක්ෂේත්‍රයේ හෝ වෙනත් නිර්මාණාත්මක කටයුතු වල නිරත වන්නන්ට අද දින අලුත් අදහස් ගලා ඒම අඩු විය හැක. පවතින නිර්මාණ අවසන් කරගැනීමට අපහසුතා මතු විය හැකි බැවින්, ඒ සඳහා අමතර කාලයක් යෙදවීමට සූදානම් වන්න.
වෘශ්චික - ප්‍රවේශම් වන්න
ලග්නයෙන් හතරවැන්නේ සඳු ගෝචරය වන අද දින, සමීප ඥාතීන් සමඟ පවතින සබඳතා වලට යම් බාධා හෝ අමනාපකම් මතුවිය හැක. පාරම්පරික දේපළ සම්බන්ධ කතාබහක් ආරවුලක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇත. අනවශ්‍ය විවාද වලින් ඈත් වී නිහඬව සිටීම අද දිනට නුවණට හුරුය.
ධනු ඉතා - ශුභයි ලග්නයෙන්
තුන්වැන්නේ සඳු ගෝචරය වන අද දින, ශරීර සෞඛ්‍යය ඉතා යහපත් තත්ත්වයක පවතින බැවින් කායිකව ඉතා ක්‍රියාශීලීව දවස ගත කළ හැක. පැරණි රෝගාබාධ වලින් වේගවත් සුවයක් ලැබෙන අතර මනසට පුදුමාකාර සැහැල්ලුවක් සහ ප්‍රබෝධයක් දැනෙනු ඇත.
මකර - ප්‍රවේශම් වන්න
ලග්නයෙන් දෙවැන්නේ සඳු ගෝචරය වන අද දින, පවුලේ සමීපතමයෙකුගේ කටයුත්තක් වෙනුවෙන් ඔබගේ කාලය සහ ධනය විශාල වශයෙන් වැය කිරීමට සිදුවේ. කලත්‍රයා සමඟ ඇතිවන සුළු මතභේදයක් දුරදිග යාමට පෙර නිරාකරණය කරගැනීමට බුද්ධිමත් වන්න. නිවසේ සාමය ආරක්ෂා කරගන්න.
කුම්භ - මිශ්‍රයි ලග්නයෙන්
පළමුවැන්නේ සඳු ගෝචරය වන අද දින, තමාගේ බලාපොරොත්තු ඉටු කර ගැනීම සඳහා සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි උත්සාහයක් දැරීමට සිදුවේ. හදිසි තීරණ ගැනීම අද දිනට සුදුසු නොවේ. යම් ගැටළුවක් ඇත්නම් වැඩිහිටියෙකුගේ උපදෙස් ලබාගැනීම නුවණට හුරුය.
මීන - ප්‍රවේශම් වන්න
ලග්නයෙන් දොළොස්වැන්නේ සඳු ගෝචරය වන අද දින, බැංකු කටයුතු සඳහා හෝ වෙනත් ගමන් බිමන් වලදී තමා සතු වටිනා ලියකියවිලි, මුදල් පසුම්බිය හෝ ජංගම දුරකථනය නැතිවීමට හෝ සොරකම් වීමට දැඩි ඉඩකඩක් පවතී. පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී තමාගේ දේපළ ගැන අතිශය දැඩි අවධානයෙන් සිටින්න.