අද විටින් විට වෙනස් වෙන කාලගුණ ගැන විශේෂ නිවේදනයක්
දිවයිනේ පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට ඉදිරි පැය කිහිපය තුළ මද වැසි සහිත කාලගුණයක් මෙන්ම සැලකිය යුතු මට්ටමක තද සුළං තත්ත්වයක් ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව, බස්නාහිර, වයඹ සහ සබරගමුව යන පළාත්වල වෙසෙන ජනතාවට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට ද විටින් විට මද වැසි ඇද හැලීමේ ප්‍රවණතාවක් පවතී.
මේ අතර, දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායුගෝලීය වෙනස් වීම් හේතුවෙන් සුළගේ වේගය ශීඝ්‍රයෙන් ඉහළ යා හැකි බව ද සඳහන් වේ.
විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලටත්, උතුරු, වයඹ සහ උතුරු-මැද යන පළාත්වලටත් සුළගේ බලපෑම තදින් දැනෙනු ඇත.
මීට අමතරව ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ද ඇතැම් අවස්ථාවලදී පැයට කිලෝමීටර 40 ත් 50 ත් අතර ප්‍රවේගයකින් යුත් තරමක තද සුළං වාර්තා විය හැක.