අද රාත්‍රී 8.00ට සිදුවීමට නියමිත විශේෂ දේ..ලංකාවත් අවධියෙන්..ලෝකයේම අවධානය යොමු වෙයි..

Report

2024 පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා සංග්‍රාමය අද (29) රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

බාර්බඩෝස් හි බ්‍රිජ්ටවුන් හිදී මෙවර අවසන් මහා තරගය පැවැත්වෙන අතර, අවසන් මහා තරගය සඳහා ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම තරග වැදීමට නියමිතව ඇත.

පාසල් පිරිමි දරුවෙක් සහ ගැහැණු දරුවන් 07ක් එක්වී කරපු භයානක වැඩේ මෙන්න..8 දෙනාම රෝහලේ..

පාසල් පිරිමි දරුවෙක් සහ ගැහැණු දරුවන් 07ක් එක්වී කරපු භයානක වැඩේ මෙන්න..8 දෙනාම රෝහලේ..


මෙවර තරගාවලියේ විශේෂත්වය වී ඇත්තේ, ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම තමන් සහභාගී වූ සියලු තරග ජයග්‍රහණය කර අපරාජිතයින් ලෙස අවසන් මහා තරගය සඳහා පැමිණ සිටීමයි .

20-20 ලෝක කුසලාන තරග ඉතිහාසය තුළ ඉන්දීය කණ්ඩායම අවසන් මහා තරගයක් සදහා ක්‍රීඩාකරන තුන්වන අවස්ථාව මෙය වන අතර, මීට වසර 10කට පෙර එනම් 2014 වසරේ දී ඉන්දියාව 20-20 ලෝක කුසලාන අවසන් මහා තරගයක් සඳහා අවසන් වරට ක්‍රීඩා කරනු ලැබීය.

මේ අතර ඉතිහාසයේ අවසන් මහා තරගයක් සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායම 20-20 ලෝක කුසලාන තරගකට එක්වන්නේ පළමුවරට වීම ද විශේෂත්වයක්.

රාජ්‍ය සේවකයින් අඩු කර වැටුප් වැඩි කරයි?..නව වැටුප් ක්‍රමයක් හදුන්වා දෙන්න යයි..

රාජ්‍ය සේවකයින් අඩු කර වැටුප් වැඩි කරයි?..නව වැටුප් ක්‍රමයක් හදුන්වා දෙන්න යයි..


මෙවර ලෝක කුසලානය පැවැත්වීම සඳහා ඇමරිකානු එක්සත් ජනපදය සහ බටහිර ඉන්දීය කොදෙව් දේශය තෝරා ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් කටයුතු කර තිබුණා.

අද පැවැත්වෙන අවසන් මහා තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භ වීමට නියමිතයි.

ලොවපුරා සිටින ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් අද රාත්‍රියේ නොනිදා බලා සිටින්නේ, මෙවර 20-20 ලෝක ශූරතාවයේ ජයග්‍රාහකයින් කවුරුන් ද යන්න දැකබලා ගැනීම සඳහායි.