රාජ්‍ය සේවකයින් අඩු කර වැටුප් වැඩි කරයි?..නව වැටුප් ක්‍රමයක් හදුන්වා දෙන්න යයි..

Report

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් වෙනුවෙන් නව වැටුප් ව්‍යුහයක්, කාර්ය සාධනය පනදම් කරගත් දිරිදීමනා ක්‍රමයක් සහ උසස්වීම් ක්‍රමයක් හඳුන්වා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති සමඟ කළ සාකච්ඡාවකදී මෙම තීරණයන්ට එළඹි බවයි, අමාත්‍යවරයා පැවසුවේ.

අද දින මේ ලග්න වලට ඉතාමත් ශුභ දවසක්..හැබැයි ලග්න 04ක අය දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..

අද දින මේ ලග්න වලට ඉතාමත් ශුභ දවසක්..හැබැයි ලග්න 04ක අය දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..


විදුලිබල මණ්ඩලයට බඳවාගන්නා සේවක සංඛ්‍යාව අඩු කිරීම සඳහා දැනට පවතින සේවකයන් 26,000 ක සේවක ලැයිස්තුව සංශෝධන කරන බව ද අමාත්‍යවරයා කියා සිටියේ ය.

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිසංස්කරණවල ව්‍යූහය, විවිධ කාර්යන් ක්‍රියාත්මක කිරීමේ කාලය, අනුප්‍රාප්තික සමාගම්වල පැමිණීම, සේවක කළමනාකරණය, වැටුප් ව්‍යූහය, ඉදිරි ප්‍රතිපත්ති සහ සෙසු කළමනාකරණ තීරණ පිළිබඳව එහිදී වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ සාකච්ඡා කළ බව ද අමාත්‍ය කාංචන විජේසේකර මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

මේ අතර, රජයේ විධායක නිලධාරීන්ගේ විධායක දීමනාව රු:25000ක් දක්වා රු:10000 කින් ජුලි 01 සිට ඉහළ නංවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටිනවා.

මේ අනුව, රාජ්‍ය සේවයේ විධායක සේවා නිලධාරීන්ට මෙතෙක් සේවා කාලය මත පදනම්ව ගෙවන ලද විශේෂ දීමනාව වෙනුවට සේවා කාලය නොසලකා රුපියල් 25,000ක විශේෂ මාසික දීමනාවක් ගෙවීමට තීරණය කර ඇත්තේ.

අද ප්‍රදේශ රැසක පැය 15ක හදිසි ජල කප්පාදුවක්..ජලය කපන ප්‍රදේශ මෙන්න..

අද ප්‍රදේශ රැසක පැය 15ක හදිසි ජල කප්පාදුවක්..ජලය කපන ප්‍රදේශ මෙන්න..


ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති මහේෂ් ගම්මන්පිල මහතා ඒ බව තහවුරු කර ඇත.

මෙම දීමනාව ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවයේ සහ ශ්‍රී ලංකා මිනින්දෝරු සේවයේ නිලධාරීන්ට ද හිමි වන බවයි පැවසෙන්නේ.

ඊට අදාළ චක්‍රලේඛ විධිවිධාන 2024.07.01 දින සිට ක්‍රියාත්මක වන බවද දැනුම්දී ඇත.

මීට අදාල වැඩි විස්තර පහතින්,

Gallery