කතිරේ වෙනස් වෙයි ? - මෙවර මනාප ක්‍රමයේ විශේෂ වෙනසක්. - එය සිදු කරන්නේ මෙහෙමයි.
මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම කළ යුත්තේ ඉලක්කම් වලින් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළ බවයි වාර්තා වන්නේ.
එහි සභාපති ආර්.ඒ.එල්.එම්. රත්නායක මහතා පවසා ඇත්තේ, අපේක්ෂකයෙකුට ඡන්දය සලකුණු කිරීමේදී 1 ඉලක්කමෙනුත් මනාපයන් 2 හා 3 ඉලක්කමෙනුත් සටහන් කළ යුතු බවයි.
ඒ, අනුව යම් අපේක්ෂකයෙකුට මුල් අවස්ථාවේ ඡන්ද ගණන් කිරීම අංක 1න් සඳහන් වන මනාපය අදාළ වනු ඇති.
ඉන් අනතුරුව සියලු ම දිස්ත්‍රික් 25 ම සමස්ත ප්‍රතිඵලය ලැබුණු පසු අපේක්ෂකයකුට 50% හෝ වැඩි ප්‍රමාණයක් තිබේ දැයි බලන බවයි ඔහු සඳහන් කළේ.
යම් අපේක්ෂකයකුට 50%ට වැඩිය තිබුණොත් මනාප ගණන් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ද ඔහු පවසා තිබෙනවා.
එලෙස නොහැකි වුවහොත් අදාළ දිස්ත්‍රික් සඳහා 1 සහ 2 අපේක්ෂකයන් ඉතිරි කර ගෙන 2, 3 මනාප ගණන් කිරීම සිදු කරනු ලබනවා.
මේ අතර, ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමේදී වෙනදා ට වඩා විශාල කාලයක් ගතවන බවත් එම කාල සීමාවේ විවිධ කටකතා, වැරදි ප්‍රචාරවලට නොරැවටී මැතිවරණ කොමිෂන් සභාව නියමිත පරිදි ගණන් කර නිල ප්‍රතිඵලය ලබා දෙනතුරු ඉවසීමෙන් කටයුතු කරන ලෙස දැනුම් දෙන බවත් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.