ජාතික හැදිනුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

Report

ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට අයදුම් කළ පුද්ගලයන් ලක්ෂ 16 කට වඩා, තාවකාලික කොළයක් ලෙස ජාතික හැඳුනුම්පත් නිකුත් කර ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමැති එරංග වීරරත්න පැවසීය.

මෙම තාවකාලික කොළ භාවිතා කිරීමට සිදුවී ඇත්තේ, ජාතික හැඳුනුම්පත් මුද්‍රණයට අවශ්‍ය පොලි කාබනික් කාඩ්පත් හිඟය නිසා බවද, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ඒ වෙනුවට මෙම කොළ නිකුත් කළ බවද ඔහු සඳහන් කළේය.

2005 වසරේ උපන් පුද්ගලයන් සිට මුද්‍රිත පොලි කාබනිට් හැඳුනුම්පත් ලබා දීම ක්‍රියාත්මක කර ඇති අතර, ඒ සඳහා අදාළ ප්‍රතිදානය අද වන විට අවසන් වී ඇත.

ගුරු සේවයට යන්න ඉන්න ඔයාට නව වෙනසක් සමඟ සුබ ආරංචියක්

ගුරු සේවයට යන්න ඉන්න ඔයාට නව වෙනසක් සමඟ සුබ ආරංචියක්

2006 වසරේ උපන් පුද්ගලයන් සඳහා හැඳුනුම්පත් ලබාදීම මේ වන විට ආරම්භ කර ඇති අතර, ලබාගැනීමට නොහැකි වූ සියලු දෙනාට වසර තුනක් ඇතුළත හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු කරන බවද නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

දැනට භාවිතා වන තාවකාලික කොළ ජාතික හැඳුනුම්පත් මිලියන 1.6ක් පමණ වන අතර, පොලි කාබනිට් කාඩ්පත් මිලියන 5ක් ලබා ගැනීමට අදාළ ප්‍රසම්පාදන කටයුතු සිදුකරමින් සිටින අතර, මෙම වසරේ අගෝස්තු මාසය වන විට පළමු පොලි කාබනිට් තොගය මෙරටට ගෙන ඒමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

2012 වසරේ සිට ජෛවමිතික දත්ත සහිත ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ උත්සාහය පැවැත්වී ඇති අතර, වර්තමාන රජය පළමු වසර තුළ මේ වැඩපිළිවෙළේ ප්‍රගතියක් ලබා ඇති බවද ඔහු දක්වමින්, ලබන අප්‍රේල් මාසය වන විට ප්‍රසම්පාදන කටයුතු අවසන් කර, මෙම වසරේ තුන්වන හෝ හතරවන කාර්තුවේ පළමු ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු කරන බව කියා සිටියේය.

ගණන් බහින රත්තරන් - අද පොඩි ගාණකින් අඩුවෙලා මෙන්න

ගණන් බහින රත්තරන් - අද පොඩි ගාණකින් අඩුවෙලා මෙන්න