ආවා කල්ලිය යළි හිස ඔසවයි..කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු ඇතුලු 04ක් අත්අඩංගුවට...

By Piyumika Nov 18, 2024 03:37 AM GMT
Report

පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආවා කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු ඇතුලු 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මට්ටක්කුලිය මාර්ගයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 24 ත් 32ත් අතර වයස්වල පසුවන පුදුකුඩිඉරිප්පු, කොටහේන, ඊච්චිලම්පත්තු හා තෝපූර් ප්‍රදේශවල පදිංචිකරුවන්.

මේ මාර්ගය භාවිතා කරන්නන් ප්‍රවේසමෙන්..

මේ මාර්ගය භාවිතා කරන්නන් ප්‍රවේසමෙන්..

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, ඊච්චිලම්පත්තු සහ තෝපූර් ප්‍රදේශවල පදිංචි දෙදෙනා උතුරු - නැගෙනහිර යම් යම් සිද්ධිවලට සම්බන්ධ ආවා කල්ලි සාමාජිකයන් බවටයි.

එමෙන්ම, අනෙක් දෙදෙනා පසුගිය ඔක්තොම්බර් මස 09 වනදා ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බවද අනාවරණය වුණා.

මොවුන් ඩුබායි සිටින පුද්ගලයෙකුගේ උපදෙස් මත මෙම ආවා කල්ලියේ පුද්ගලයින් දෙදෙනාව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සිට මට්ටක්කුලිය ප්‍රදේශයට ගෙන්වා ගෙන ඇති බවටද විමර්ශන වලදී අනාවරණ වුණා.

තුන්වන ලෝක යුද්ධය අත ලගයි..රුසියාවට මිසයිල එල්ල කරන්න බයිඩ්න්ගෙන් අවසර ...

තුන්වන ලෝක යුද්ධය අත ලගයි..රුසියාවට මිසයිල එල්ල කරන්න බයිඩ්න්ගෙන් අවසර ...

අත්අඩංගුවට ගත් ආවා කල්ලි සාමාජිකයන් දෙදෙනා අන්තර්ජාලය ඔස්සේ ඩුබායිහි සිටින පුද්ගලයෙකුට ටික්ටොක් හරහා බැන තර්ජනය කර ඇති බවටද හෙළි වී තිබෙනවා.

එම හේතුව මුල් කරගෙන මොවුන් සමග ඇල්ලූ අනෙක් දෙදෙනා අදාළ ආවා කල්ලි සාමාජිකයන් දෙදෙනා කාන්තාවක් මාර්ගයෙන් උපක්‍රමශීලීව මට්ටක්කුලිය ප්‍රදේශයට ගෙන්වා පහර දී වීඩියෝ ගත කර ඩුබායි සිටින පුද්ගලයෙකුට පෙන්වා ඇති බවට මොවුන්ගේ දුරකතන විශ්ලේෂණයේදී අනාවරණය කරගෙන තිබෙනවා.