වාහන හිමිකරුවෙක් නම් මේ ගැන සැලකිලිමත් වන්න - විකුණන්න ගිහින් මේවට අහුවෙන්න එපා - අත්අඩංගුවට
හෝමාගම පොලිස් වසමේ මාවත්ගම ප්රදේශයේදී අන්තජාලය හරහා වාහන විකිණීම සඳහා දැන්වීම් පළකර දෙන බවට පවසා පුද්ගලයින් රවටා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඊයේ (14) රාත්රීයේදී මධ්යම අපරාධ විර්මශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද විර්මශනයකදී අඳාළ සැකකරු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
මොහු අවුරුදු 21ක මාවතගම, හෝමාගම ප්රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.
එමෙන්ම සැකකරු පුද්ගලයින් හට මුහුණු පොතේ ව්යාපාරික ගිණුමක් හරහා වාහන විකුණා දෙන බවත්, ඒ වෙනුවෙන් සතියකට රුපියල් 5,000ක්ද, සති දෙකකට රුපියල් 10,000ක්ද, මාසයකට රුපියල් 15,000ක් ලෙස මුදල් ගෙන වාහන විකුණා දෙන බවට ජංගම දුරකථනයෙන් සඳහන් කර ඇත.
අනතුරුව මුදල් ලබාගෙන දැන්වීම් පල නොකර, පුද්ගලයින්ගෙන් මුදල් වංචා කරමින් සාපරාධී සාවද්ය පරිහරණය, විශ්වාසය කඩ කිරීම හා අන් අයෙකු වශයෙන් පෙනී සිටිමින් චංවා කිරීම යන වැරදි සිදුකර ඇති බවට විර්මශනයේදී හෙළි වී තිබෙනවා.
එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් මධ්යම අපරාධ විර්මශන කාර්යංශය විසින් වැඩිදුර විර්මශන සිදු කරයි.