ඊශ්රායලයෙන් දාපු තහනම නිසා ඊශ්රායල රස්සා හොයපු ශ්රී ලාංකිකයන් දාස් ගාණකගේ හීන සුන් වෙයි - යාමට සිටි මෙරට ශ්රමිකයන් 1000ක් හිර වෙයි
By Kaushi
ෆ්ලයි ඩුබායි ගුවන් යානයක ඉකුත් දා ඇති වූ ගැටුමින් අනතුරුව එම ගුවන් සමාගමේ යානාවලට තම රටට ඇතුළුවීම ඊශ්රායලය තහනම් කිරීමත් සමඟ මෙරට තරුණ තරුණියන් දහසකට වැඩි පිරිසකට එරට රැකියා සදහා යාමට නොහැකි වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව පසුගියදා ඊශ්රායලය ඩුබායි සිට ටෙල්අවිව් වෙත ගමන් කළ ෆ්ලයි ඩුබායි යානයක ප්රධාන නියමුවා සහ සහයක නියමුවා අතර ඇති වූ ගැටුමෙන් අනතුරුව එම යානාවලට තම රටට ඇතුළු වීම තහනම් කිරීමට තීරණය කර තිබුණා.
එබැවින් එරටට ශ්රමිකයින් යැවීමට ගුවන් යානා වෙන් කර ගැනීමේදී දුෂ්කරතා මතුව ඇති බව ශ්රී ලංකා විදේශ රැකියා ඒජන්සි පෞද්ගලික සමාගමේ සභාපති ලාල් හෙට්ටිආරච්චි පවසන බව සඳහන්.