පාසල නිමවා නිවසට නොපැමිණි දියණියගේ නිසල සිරුර දොළක තිබී හමුවේ..

Report

කන්දකැටිය තැන්නෙපංගුව ප්‍රදේශයේ පාසල් දැරියක් ඊයේ (06) සවස පාසල නිමවා නිවස බලා යමින් සිටියදී කුඩා දොළකට වැටී මියගොස් තිබෙන බවට කන්දකැටිය පොලිසිය වාර්තා කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ කන්දකැටිය තැන්නපංගුව යටිරාගල්ල පදිංචි තැන්නෙපංගුව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන භාග්‍යා හංසිමා නැමැති පහළොස් හැවිරිදි දැරියකි.

ගැබිණියකට දිවි අහිමි කල මාරක අනතුර..

ගැබිණියකට දිවි අහිමි කල මාරක අනතුර..

සිය දියණිය සුපුරුදු පරිදි පාසල නිමවා නිවසට නොපැමිණීම හේතුවෙන් කලබලයට පත් ඇගේ මව සිය දැරිය ගමන් ගන්නා මාර්ගයේ ගොස් සොයා බලා ඇති අතර එහිදී අදාළ දැරිය දොළ පහරට වැටී සිටින අයුරු දැක ඇත.

මව විසින් වහාම දැරියව කන්ද කැටිය රෝහලට රැගෙන ගොස් ඇතත් ඒ වන විටත් ඇය මියගොස් තිබූ බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

අදාළ දැරිය මීමැස්මුර රෝගයෙන් පෙළෙන බවත් පාසල නිමවා නිවස බලා යමින් සිටියදී මෙම දොළ පහර අසලදී එම රෝගය වැළඳී දොළපහරට වැටී මිය යන්නට ඇති බවත් මේ වන විට සැකපල කරයි.

යුක්තිය මෙහෙයුමේ දෙවන අදියරයත් අති සාර්ථකයි..

යුක්තිය මෙහෙයුමේ දෙවන අදියරයත් අති සාර්ථකයි..

කෙසේ වෙතත් දැරියගේ මරණය සැක සහිත බැවින් ඒ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ඇයගේ සිරුර මහියංගන මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත අද (07) ඉදිරිපත් කිරීමට නියමිතයි.

කන්දකැටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි .