ගැබිණියකට දිවි අහිමි කල මාරක අනතුර..

By Piyumika Aug 07, 2024 06:37 AM GMT
Report

කොළඹ ගාල්ල මාර්ගයේ ඕ.එල්.වී. විදුහල් හන්දියේදී පානදුර සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක් යතුරුපැදියක ගැටීමෙන් ඊයේ (06) අනතුරක් සිදුව තිබේ .

එම අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් කාන්තාවක් සහ කුඩා දැරියක් බරපතල තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එන කාන්තාව මිය ගොස් ඇති බව පොලිසිය පැවසීය .

යුක්තිය මෙහෙයුමේ දෙවන අදියරයත් අති සාර්ථකයි..

යුක්තිය මෙහෙයුමේ දෙවන අදියරයත් අති සාර්ථකයි..

මරණකාරිය වයස අවුරුදු 32ක් වූ හොරෙයිතුඩුව, කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි ගැබිණි කාන්තාවකි.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මොරටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.