එහෙම මේ ලේසියෙන් යවන්න බෑ...නැවතත් කරළියට එන මහින්දානන්ද

Report

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ඒ 2015 වසරේ පැවති ජනාධිපතිවරණය කාලයේදී කැරම්බෝඩ් 14,000 සහ දාම් ලෑලි 11,000 ක් නීතියට පටහැනි ආකාරයට මිලදීගෙන ක්‍රීඩා සංගම් අතර බෙදාදීම හරහා රජයට රුපියල් මිලියන පනස් තුනකට අධික පාඩුවක් සිදු කළ බවට චෝදනා ලබා නඩුවේ වැරදිකරු කර වසර 20 ක සිර දඬුවම් ලැබීමට විරුද්ධවයි.

විලි ලැජ්ජාවේ බෑ...යානයට ගොඩවෙන්න ගිය ජනාධිපති ලෝකෙම ඉස්සරහ ඇදගෙන වැටිලා

විලි ලැජ්ජාවේ බෑ...යානයට ගොඩවෙන්න ගිය ජනාධිපති ලෝකෙම ඉස්සරහ ඇදගෙන වැටිලා

ඒ අනුව අඳාළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ මහාධිකරණය වෙත භාර දී ඇති බව පවසයි.

මෙය නීතිඥ සනත් විජේවර්ධන මාර්ගයෙන් ගොනුකර ඇත.

මෙහිදී පෙත්සම්කරු පවසන්නේ අල්ලස් කොමිසමෙන් ගොනුකළ ඉහත චෝදනාවලට වරදකරු කළ තමාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් මඟින් බරපතළ වැඩ සහිත වසර 20 ක සිර දඬුවම් හා දඩ මුදල් නියම කර ඇති බවයි.

ජම්පරේ අඳින්න වෙයි කියලා බයේ, හිටපු ලොක්කෝ ගොඩක් සොක්කෝ වෙලා... ඉන්දියාවට ගිහිල්ලත් පුජා තියලා

ජම්පරේ අඳින්න වෙයි කියලා බයේ, හිටපු ලොක්කෝ ගොඩක් සොක්කෝ වෙලා... ඉන්දියාවට ගිහිල්ලත් පුජා තියලා

එසේම ඔහු සඳහන් කළේ සමහර කරුණු වැරදි ලෙස අර්ථකරණය කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අඳාළ නඩු තීන්දුව ලබාදී දුන් බවයි.

තවදුරටත් එහි සඳහන් වූයේ විත්තියෙන් ඉදිරිපත් කළ ඇතැම් කරුණු නඩු තීන්දුව දීමේදී මහාධිකරණ විනිසුරු මඩුල්ල සැලකිල්ලට ගෙන නොමැති බවයි.

එබැවින් මෙසේ තමාට විරුද්ධව පනවා තිබෙන දඬුවම නීතියට පටහැනි බව විත්තිකාර අභියාචක සඳහන් කර තිබෙනවා.

ඒ අනුව අඳාළ තීන්දුව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කොට තමන්ව සෑම චෝදනාවකින්ම නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් ද නිකුත් කරන ලෙසත් ඔහු මෙසේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

ළමයින්ව පරිස්සම් කර ගන්න...පාසල් සිසුන් පැහැරගෙන ගොස් අතරවර කරලා...අසභ්‍ය වීඩියෝ සමාජ මාධ්‍යටත් දාලා

ළමයින්ව පරිස්සම් කර ගන්න...පාසල් සිසුන් පැහැරගෙන ගොස් අතරවර කරලා...අසභ්‍ය වීඩියෝ සමාජ මාධ්‍යටත් දාලා