අයේ දරුවන්ට ගහන්න බෑ,බනින්න බෑ එහෙම කරොත් වෙන්නේ මේකයි,නව නීතියක්

By Mithu Sep 28, 2025 03:36 AM GMT
Report

ආණ්ඩුව විසින් අවුරුදු 18ට අඩු දරුවන් සම්බන්ධයෙන් විශේෂ නීතියක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වේ.

දරුවන්ගේ අනාගතය උදෙසා ගනු ලබන මෙම නීතිමය ක්‍රියාමාර්ගය හේතුවෙන් ඔවුන්ගේ හෙට දවස සුරක්ෂිත වීම සිදුවන බවට ඔවුන් විශ්වාස කරයි.

තලපති විජේගේ රැළියක් අතරතුර තෙරපීමකින් දරුවන් ඇතුළු 10 දෙනෙකු ඇතුළු පිරිසක් මිය යයි

තලපති විජේගේ රැළියක් අතරතුර තෙරපීමකින් දරුවන් ඇතුළු 10 දෙනෙකු ඇතුළු පිරිසක් මිය යයි

ඒ අනුව ආණ්ඩුව විසින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කරමින් සම්මත කිරීමට යන නව නීති අනුව දරුවන් සම්බන්ධයෙන් ශාරීරික දඬුවම් පැමිණවීම යන වරද සිදු කරන අයකුට එරෙහිව මාස 06ක් නොඉක්මවන්නා වූ කාලයක් සඳහා බන්ධනාගාර ගත කිරීම සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කිරීමේ හැකියාව පවතියි.

ඒ අනුව රජයේ අධිකාරි ආයතනයක හෝ පුහුණු පාසලක, පාසල් නේවාසිකාගාරයක, ළමා නිවාසයක හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක භාරයේ සිටින වයස අවුරුදු 18කට අඩු දරුවන් සම්බන්ධයෙන් මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව බලාපොරොත්තු වෙයි.

මෙහිදී දරුවකුට තුවාල සිදු කරනු ලැබූ වරදකරුවකුට එරෙහිව වසර දෙකක් දක්වා බන්ධනාගාර ගත කිරීම සහ රුපියල් 5000ක දඩයක් පැමිණවීමට හැකි අතර අධිකරණය විසින් තීන්දු කරනු ලබන වන්දි මුදලක් ද ගෙවන ලෙස නියම කළ හැකිවන්නේය.

රත්ගම මාරක රිය අනතුරක්

රත්ගම මාරක රිය අනතුරක්

මෙම නීතිය ප්‍රකාරව පාසල තුළදී දරුවකුට ප්‍රසිද්ධියේ අවමන් කිරීම ද මෙම නව නීති සංශෝධනය මගින් ශාරීරික දඬුවමක් වශයෙන් සලකා ඇත.

ළමා නිවාසයක හෝ රැක බලා ගනු ලබන ආයතනයක දී දරුවන් දෙදෙනකු එක් අයකුට හිරිහැර කරනු දැක ඊට අනෙක් දරුවාට දඬුවමක් ලෙස දරුවාට පැය ගණනක් ආහාර ලබා නොදී සිටීම ද ශාරීරික දඬුවමක් ලෙස සලකා ඇත.

ඇල්ලේ අනතුරට ලක් වූ බස් රථය ගැන නැවතත් සැකයක්

ඇල්ලේ අනතුරට ලක් වූ බස් රථය ගැන නැවතත් සැකයක්

මෙම නීති සංශෝධනය කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයට ලක් කරනු ලැබූ අතර කෙසේ වෙතත් එය සම්මත කිරීම පසුවට කල් දමනු ලැබීය.